
(ජේ.ඉඳුරුවගේ)
ලංකා ලුණු සමාගමේ බුන්දල සහ පලටුපාන ලුනු ලේවායන්හි නිෂ්පාදිත රුපියල් 93,269,919 ක වටිනාකමකින් යුත් මෙට්‍රික් ටොන් 2402 ක පමණ ලුණු තොගයක් වසර ගණනාවක් තිස්සේ තත්වයෙන් බාලවීමට හා දියවී විනාශ වී යාමට ඉඩහැර තිබූ බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
බුන්දල ලේවායේ 2023 දී නිපදවා නිසි කලට ආවරණය කර නොතිබූ රුපියල් 65,425,279 ක් වටිනා ලුණු මෙට්‍රික් ටොන් 1816.19 ක් හානියට පත්ව තිබූ බව විගණනය මගින් පෙන්වාදී තිබේ.
පලටුපාන ලේවායේ රුපියල් 520,640 ක් වටිනා ලුණු මෙට්‍රික් ටොන් 16.27 ක් වසර තුනක් තිස්සේ වේදිකාවක තැන්පත් කර තිබීම නිසා පැහැය වෙනස් වී දියවෙමින් පැවති බවද, 2022 නිපදවූ රුපියල් 27,324,000 වටිනා සුපර් ග්‍රේඩ් වර්ගයේ ලුණු මෙට්‍රික් ටොන් 569.25 ක් ඒවා ආවරණය කර තිබියදී දිරාපත්වු පොලිතීන් හා පොල් අතු සමග මිශ්‍රවී දියවෙමින් හා තත්වයෙන් බාලවී තිබුණු බවද විගණන කාර්යාලය සඳහන් කරයි.
2023 වසරට අදාලව ලුණු සමාගම සම්බන්ධයෙන් නොබෝදා නිකුත් කරන ලද විගණන වාර්තාවේ සමාගමේ මෙහෙයුම් අකාර්යක්ෂමතා යටතේ සඳහන් කර තිබු මෙම විගණන
නිරීක්ෂණ සම්බන්ධයෙන් ලුනු සමාගම විසින් විගණනය වෙත අදහස් දැක්වීමක්ද කර නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීයාගේ කාලේ නාස්තිකාර වැඩ
අකාර්යක්ෂම නිලධාරීන් සෑම ආයතනයකිනම ඉවත් කිරිමට කටයුතු කරන්න .
මේවාට වගකිව යුතු නිලධාරීන්ට විරුද්ධව නීති මාර්ගයෙන් කටයුතු කර වැරදි නම් දඬුවම් ලබාදී එම පාඩුව ඔවුන්ගෙන් පියවා ගත යුතුයි
මේ විනාශය පටන් ගත්තේ බැසිල්... රට වට කොට මුහුද තියන ඒත් ලුණු පිට රටින් ගේන එකම දුපත මේක වෙන්න ඇති
අලුත් ආණ්ඩුවෙන් මේවට වගකියන්නන් හොයලා දඬුවම් කරේ නැතිනම් මේවා හදන්න බෑ.
බලන්ඩකෝ... එකනේ මේ ලුණු නැත්තේ අපේ රටේ රට වටේම දුපත තිබිලාත් එකත් එකටම සජියාගේ වැඩක් වෙන්න ඕනෑ
රජයේ ආයතනවල දේශපාලන පත්වීම් නිසා මේ විනාශයන් සිදුවන්නේ, දැන් ලුනු තිබිලත්, ලුණුත් රටින් ගෙන්වනවා කියලා, වැළලෙන්නේ වොයිස්කට් දෙන්නේ ඔවුන් පත් කරපු අයම තමා...