(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවට එවීම සඳහා සූදානම් කළ ඉන්දීය රුපියල් කෝටි 110 ක් වටිනා ගංජා තෙල් සහ මත්ද්‍රව්‍ය තොගයක් සමග දෙදෙනකු තමිල්නාඩු  රාමනාතපුරම් හිදි අත්අඩංගවට ගත් බව   තමිල්නාඩු බුද්ධි අංශ සමත්ව ඇත.

සැකකරුවන් දෙදෙනා සමඟ මෙතම්ෆටමයින් (අයිස්) මත්ද්‍රව්‍ය කිලෝ 35 ක් සහ ගංජා තෙල් කිලෝ 50 ක් ද අත් අඩංගුවට ගැනීමට බුද්ධි අංශ නිලධාරීන් සමත්ව තිබේ.

තමිල්නාඩු බුද්ධි අංශයට ලද තොරතුරක් මත පරමාකුදි නගරයේ සිදු කළ මෙහෙයුමකදී මෝටර් රථයක් පරික්ෂා කිරීමේදී එහි තිබී එම මත් තොගයක සහ සැකකරුවන් දෙදෙනා  අත් අඩංගුවට ගැනීමට නිලධාරීන් සමත්ව ඇත.

සැකකරුවන් පැමිණි වාහනයේ තිබී තහනම් මත් ද්‍රව්‍ය කිලෝ 88 ක් අත් අඩංගුවට ගත් බවත් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බවත් තමිල්නාඩු බලධාරීහු ප්‍රකාශ කළහ.