IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


කොටි අවි ආයුධ සොයා පුදුකුඩිරිප්පුවේ කැණිමක්

(සිතුම් චතුරංග)

එල්.ටි.ටි.ඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු එම සංවිධානයේ නායකයින් භාවිතා කළ බවට සැකකෙරෙන මුලතිව් , පුදුකුඩිරිප්පු මණ්ඩුවිල් හි භූගත බංකරයක්තුල එම සංවිධානයේ අවි ආයුධ තොගයක් සොයා අද (10)  පුදුකුඩිරිප්පු පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් කැණීම් ආරම්භකරනු ලැබීය.

භූගත බංකරයතුල එල්.ටි.ටි.ඊ සංවිධානයේ අවි ආයුධ පවතින බවට පුදුකුඩිරිප්පු පොලිස් ස්ථානාධිපතිවරයාට  ලැබුණ බුද්ධි තොරතුරක් මත මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මුලතිව් මහෙස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් මහතාගේ අධීක්ෂණය යටතේ කැණීම් ආරම්භ කළ බව පුදුකුඩිරිප්පු පොලිසිය පැවසීය‍.

පොලිසිය පැවසූයේ අඩි 20 පමණ ගැඹුරින් යුතු මෙම භූගත බංකරය පසුගිය යුද සමයේ ආරක්ෂක අංශ ප්‍රහාර හේතුවෙන් එම භූගත බංකරයට ඇතුළුවන ස්ථාන විනාශවී ගොස් ඇති බවයි.

2009 වසරේදී මෙම ස්ථානය එල්.ටි.ටි.ඊ සංවිධානයේ ප්‍රධාන කඳවුරක් ලෙස පැවතියදී ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබූ අතර එම කඳවුරේ විශාලත්වය අක්කර දෙකකට අධික බවත් සඳහන් කළේය‍.

පුද්ගලික ඉඩම් අත්පත්කරගෙන ඉදිකොට තිබූ මෙම කඳවුර බිම්බෝම්බ ඉවත්කිරීමෙන් පසු නැවත මුල් හිමිකරුවන් ලබාදී තිබූ අතර භූගත බංකරයට ඇතුළුවීමට නොහැකි වීම හේතුවෙන් ආරක්ෂක අංශ එය පස් යොදා වසාදමා තිබුණි.

එම භූගත බංකරය තුල එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් සිවිල් වැසියන්ගෙන් පැහැරගත් රත්තරන් සඟවා ඇති බවට වූ සැකයන් මත විවිධ පිරිස් භූගත බංකරය හෑරිමට උත්සහ කොට ඇති බවත් පොලිසිය පැවසීය.

.  



අදහස් (0)

කොටි අවි ආයුධ සොයා පුදුකුඩිරිප්පුවේ කැණිමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 199 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 61 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 755 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site