
( ටී.කේ.ජී.කපිල )
රුපියල් අට කෝටි පනස් හතර ලක්ෂ විසි දහසක් වටිනා '' කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගියකු , කටුනායක ගුවන් තොටුපොළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේ රැදී සිටියදී , '' රැන්ඩි " නැමති නිල පොලිස් සුනඛයාගේ සහාය මත , ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (13) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.
මොහු ඉන්දියාවේ චෙන්නායි හි පදිංචි 33 හැවිරිදි ජායාරූප ශිල්පියෙකි .
ඔහු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ යළිත් ඉන්දියාවේ මදුරෙයි වෙත පිටත්ව යාම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 139 දරන ගුවන් යානය පැමිණෙන තෙක් ගුවන් තොටුපොළ සංක්‍රමණික මගී රැදී සිටි තිබේ.
එහිදී ඔහුගේ ගමන් මලු ශ්‍රී ලන්කන් ගුවන් සේවා නිලධාරීන් විසින් පරිලෝකන යන්ත්‍ත්‍රපරීක්ෂාවකට ලක් කිරීමේ දී එහි සැක කටයුතු යමක් ඇති බව දර්ශනය වීමත් සමඟ ඒ අසළ සේවයේ නිරත වී සිටි " රැන්ඩි '' නැමති පොලිස් නිල සුනඛයා , එම ගමන් මල්ල ඉවත් කර එහි මත්ද්‍රව්‍ය තොගයක් ඇති බවට සංඥා කර තිබේ .
ඒ අනුව මෙම ඉන්දීය ජාතිකයා අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී , ඔහුගේ ගමන් මල්ල තුළ පැකැට් 16 ලෙස සකස් කර ඇසුරුම් කළ "කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 8 යි ග්‍රෑම් 542 ක් සඟවා ගෙන තිබියදී සොයා ගැනීමට හැකි වී තිබේ .
මෙම ගුවන් මගියා සහ ඔහු රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය හෙට (14) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබා ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මූලස්ථානය වෙත බාර දීමට නියමිතය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd