
(සිතුම් චතුරංග)
ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටි හතකට අාසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 108යි ග්‍රෑම් 460 සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු යාපනය පල්ලිකුඩා ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව යාපනය පොලිසිය කියයි.
යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් වෙත ලැබුණ තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී සැකකරුවන් සමඟ කේරළ ගංජා රැගෙන අා ඩිංගි යාත්‍රාවක්ද අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.
දීර්ඝ කාලයක සිට සිදුකර අැති මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සැකකරුවන් ඉන්දියාව වෙත ගොස් එහි සිටින ජාවාරම්කරුවකුගෙන් කේරළ ගංජා මිළදීගෙන මෙරටට රැගෙන එ‍්ම සිදුකරන බවත් පැවසීය.
අනතුරුව දින ගණනක් මුහුදේ රැදීසිට ධීවර කටයුතු අවසන්කර ගොඩබිමට පැමිණෙන මුවාවෙන් කේරළ ගංජා රැගෙන එම සිදුකරන බවත් එලෙස රැගෙන එන කේරළ ගංජා දිවයිනේ විවිධ ප්‍රදේශවලට ප්‍රවාහනය කරන බවට අනාවරණය වූ බවත් පැවැසීය.
සැකකරුවන් මන්නාරම, මාන්කුලම යාපනය සහ කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 31ත් 45 අතර වයසේ පසුවන්නෝ වෙති.
අත්අඩංගුවටගත් සැකකරුවන් හා කේරළ ගංජා තොගය යාපනය මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් අැතුළු පිරිසක් වැඩිදුර විමර්ශන සිදුකරයි.
2025 නොවැම්බර් මස 17
55
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
890
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2520
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කෝටි 7ක කේරළ ගංජා යාපනයෙන් අල්ලයි