
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රුපියල් කෝටි 644ක වියදමක් දරා වසර පහකට පෙර ආරම්භ කළ ව්‍යාපෘති 34ක් මග නැවතී අද ඒවා වවුලන් බල්ලන් ලගින තිප්පොළවල් බවට පත්ව ඇතැයි ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ංජිනේරැ අජිත් මාන්නප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය
ව්‍යාපෘති 23ක් මූල්‍යමය හේතු මතද ව්‍යාපෘති 11ක් මූල්‍යමය නොවන හේතු මතද මෙසේ නැවතී ඇතැයි ඔහු සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ පරිසර ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ නාගරික සංවර්ධන අධිකාරියට අදාල නිර්දේශ ඇතුළත් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.
මේ ව්‍යාපෘති ගොඩනැඟිලි බොහොමයක් ජනතාවට කිසිදු ප්‍රයෝජනයක්වී නැතැයි පැවැසූ මන්ත්‍රීවරයා පොළොන්නරුවේ මෙත්සිරිපාය ගොඩනැගිල්ල ඊට උදාහරණයක් බවද ඔහු සඳහන් කළේය.
කෝටි එකසිය එකක් වියදම් කර හැදූ එම ගොඩනැගිල්ලේ අද ජීවත් වන්නේ වවුලන් බවද ඔහු කීවේය.
රුපියල් කෝටි හතළිහක් වියදම් කර සකස් කළ හැටන් දුම්රිය පොළත් බල්ලන් ලගින තත්වයකට පත්ව ඇති බවද මන්ත්‍රීවරයා කීවේය.
සූරියවැව ක්‍රීඩාංගනය සහ මත්තල ගුවන්තොටුපළද සුදු අලි ව්‍යාපෘති බව පැවසූ මන්ත්‍රීවරයා එක එක දේශපාලඥයන්ගේ මනදොල සපුරා ගැනීමට ජනතා මුදලින් ආරම්භ කරන මෙවැනි ව්‍යාපෘතිවලින් රටට කිසිදු ප්‍රයෝජනයක් නැතැයිද සඳහන් කළේය.
ජනතා මුදල් වියදම් කිරීමේදී නිර්දේශපාලනීකරණ කමිටුවකින් ඒ කටයුතු සිදු විය යුතු බවට පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ කර ඇතැයිද අජිත් මාන්නප්පෙරුම මහතා පැවසුවේය.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටි 644ක ව්‍යාපෘති 34ක් කොටඋඩ
sudda Wednesday, 07 August 2024 02:33 PM
මේ කියන ප්‍රශ්නය බොහෝ රටවලට පොදු දෙයක් වුනා පහුගිය අවුරුදු පහේදි - 2019 සිට. කොරෝනා වසංගතය නිසා බොහෝ දේ නතර වුනා. ඒ වගේම මත්තල සහ සූරියවැව හැදුවේ 2018 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙලත් බලාගෙන, 2015න් ඉස්සෙල්ලා. ඒ දෙක පහුගිය අවුරුදු 5ට අයිති නෑ. පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙල නොලැබුනේ ඉන්දියාව ඒ වෙනකොට දිල්ලියේ තිබුනු පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙල වෙලාවේ ඇති කරපු ප්‍රශ්න නිසා දකුනු ආසියාව ගැන තිබුනු නරක ආකල්පයෙන්. සුරියවැව ඔයිට වඩා ක්‍රිකට් ආයතනයෙන් ප්‍රයෝජන ගන්න තිබුනා වගේම මත්තලත් ප්‍රයෝජනයට ගන්න තිබුනා 2015 ආපු යහපාලන රජයේ කුහකයන් නැතුව දක්ශයන් සිටියා නම්. අජිත් මානප්පෙරුමත් ඒ රජයේ හිටියා. පොළොන්නරුවේ මෙත්සිරිපාය ගොඩනැගිල්ල හැදුවෙත් යහපාලන කාලයේ. අවුරුදු 5කට වඩා පරන කතාවක්. ඒ ගැන නම් පහුගිය කාලේ කතාවක් ගියා රාජ්‍ය නිලධාරීන් නොසලකා ඇරලා කියලා. මේ මන්ත්‍ර්‍රීවරුන් මීට වඩා සැලකිල්ලෙන් ප්‍රකාශ නිකුත් කරන්න ඕනා. නැත්නම් විරුද්ධ පක්ශයේ වැරදි කියන්න ගිහින් තමන් සතු නොදන්නා කම හෝ කුහක කම ප්‍රදර්ශනය වෙනවා.
Lalla Thursday, 08 August 2024 07:34 AM
ඔච්චර දුර බැහැර යන්නේ ඇයි.ගම්පහ ඔරුතොට පාරේ බැසිල් හදවපු කාර්යාල සංකීර්ණය දකින්නේ නැතිද? අවුරුදු ගාණකට කලින් වහපු ගමන්. ඕක අයිතිය තහවුරු කරල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් වගේ වැඩකට ගන්න බැරිද?දන්න විදියට ඉතාම හොඳ ඉදිකිරීමක්.