
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
රුපියල් කෝටි 500 කට අධික හෙරෝයින් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 240 ක තොගයක් සමග මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයින් 10 දෙනකු සැක පිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය.
ගන්දර නූන්නවැල්ල ප්‍රදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගත් ධීවරයන් 06 දෙනකුගෙන් ප්‍රශ්න කිරිමේ දී හෙලි වු තොරතුරු මත ගාල්ල නාගොඩ ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී එම මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන ඇත.
මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය හා මාතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය එක්ව දියත් කල මෙම සාර්ථක වැටලීම පොලිස් ඉතිහාසයේ සාමාන්‍ය පොලිස් ඒකකයක් අත්අඩංගුවට ගත් වැඩීම මත්ද්‍රව්‍ය තොගය වන බව මාතර හා හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා මහතා පැවසීය.
කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය පරික්ෂා කිරිම සදහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය වෙත පැමිණියේය.
මත්ද්‍රව්‍ය තොගය පරික්ෂා කිරිමෙන් පසු වැඩබලන පොලිස්පතිවරයා වැටලීම සිදු කල පොලිස් නිලධාරීන් ප්‍රශංසාව ද ලක් කළේය.
එම අවස්ථාවට දකුණු පලාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න,මාතර ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා,පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති ඔෂාන් හේවාවිතාරණ,මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් ද පැමිණ සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රොටි පුච්චන්න ගෙනත් වෙන්න ඇති. දැන්වත් තිබුණු දේශපාලන සම්බන්ධකම් ගැන හොයලා බලන්න. නැත්නම් කොයිතරම් ඇල්ලුවත් ඉවරයක් කරන්න නම් බෑ.