
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
රියදුරු අත්හැර දමා පලා ගිය සුඛෝභෝගි මෝටර් රථය තුළ තිබි රුපියල් කෝටි හතරකට අධික අයිස් මත්ද්‍රව්‍ය තිබී තොගයක් ඊයේ (16) රාත්‍රී අත්අඩංගුවට ගත් බව වෙරළ බඩ පොලිසිය කියයි.
එම මෝටර් රථය තුළ තිබී ප්ලාස්ටික් පෙට්ටි හතරක බහා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4 ගෑම් 112 ක් පොලිස් භාරයට ගෙන ඇත.
වෙරළබඩ පොලිස් වසමේ රාත්‍රී යතුරු පැදි සංචාර රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් අධික වේගයෙන් ගමන් කළ මෝටර් රථය නැවතීමට සංඥා කර ඇති අතර මෝටර් රථය නොනවත්වා ධාවනය කර තිබූ බව පොලිසිය කියයි.
පොලිස් නිලධාරීන් මෝටර් රථය පිටුපස හඹා ගොස් පිටකොටුව රෙක්ල මේෂන් පාර මුහුදු මාවතේදී නවතා රියදුරුගේ බලපත්‍ර පරීක්ෂා කිරීමේදී රියදුරු පළා ගොස් ඇතැයි පොලිසිය කියයි.
පලා ගිය රියදුරු හෝමාගම පිටිපන උතුර පදිංචිකරුවකු බවට ඔහුගේ රියදුරු බලපත්‍රයෙන් අනාවරණය වී යැයි පොලිසිය කියයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රියදුරු හා රථය අයිතිකරු දෙදෙනාම සොයා නීතිය ඉටුකරන්න
හොඳින් පුහුණුව ලත් පොලිස් නිලධාරීන්. බලපත්‍රය පරීක්ෂා කරන අතරතුර රියදුරු පැන යයි.