
(යොහාන් භාසුර)
රුපියල් කෝටි 40 ක අධික වටිනාකමින් යුත් කිලෝ 22 ක් පමණ බර රන් ආභරණ සහ රන් කුඩු තොගයක් චෙන්නායි සිට පැමිණි මගීන් සිවුදෙනකුගේ ගමන් මළුවල තිබී ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය අත්අඩංගුවට ගෙන තිබේ.
එම පුද්ගලයන්ගේ මළුවල තිබී හඳුනාගැනීමට නොහැකි ලෙස වර්ණ ගැන්වූ රන් ආභරණ, ද්‍රව ලෙස සකස් කළ රන් කුඩු සහ රන් ආලෝප කළ ඇඳුම් 30 ක් භාරයට ගත් බව කී රේගුව මෙය ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ දැවැන්ත රත්තරන් වැටලීමක් බව ද සඳහන් කළේය.
ඉන්දීය බුද්ධි තොරතුරු ආයතනයක් දුන් තොරතුරකට අනුව චෙන්නායි නුවර සිට පැමිණි මගීන් සිවුදෙනෙක් පරීක්‍ෂා කළ බවත් ඉන් තිදෙනෙක් ඩුබායි සිට චෙන්නායිවලට පැමිණ එතැන් සිට කටුනායක බලා පැමිණ ඇති බවත් රේගුව පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ විශාල රත්තරං තොගයක් ගේන කොට අනිවාර්යයෙන්ම රේගු නිලධාරීන්ගේ උදව් ලැබිය යුතුයි. ඉන්දියාවෙන් කල්තියාම තොරතුරු ලැබුන නිසා රේගු නිලධාරීන්වත්, මේකේ මහමොළකාරයින්වත් දෙගොල්ලම බේරලා,මේවා ප්‍රවාහනය කරපු අය විතරක් අල්ලලා. වෙන රටකට මේ ආකාරයේ බුද්ධි තොරතුරක් ලැබුනා නම්, ඔවුන් මේ රත්තරන් තොගය රේගුවෙන් එලියට යන්න ඉඩ හැරලා, ඊට උදව් කල රේගු නිලධාරීන්වත්, මේවා ලබා ගන්නා ව්‍යාපාරිකයන් වත් අල්ලා ගන්නවා.