
(රෝෂන් තුෂාර)
පරිගණක සේවා සැපයීමේ සමාගමක් පවත්වාගෙන යමින් රුපියල් තුන් කෝටි තිස් හය ලක්ෂයකට (33 697 936.61) අධික බදු මුදලක් රජයට නොගෙවා පැහැර හැරියේ යැයි කියන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපතිවරයකු හා පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයෙකු වූ ජනක රත්නායකට හා ඔහුගේ බිරිඳට දෙසැම්බර් 10 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඊළංඟසිංහ මහතා අද (04) නියෝග කළේය.
ජනක රත්නායක මහතාට සහ ඔහුගේ බිරිඳ වන එච්.එල්.කුමාරි ද සිල්වා වග උත්තරකරුවන් කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවරා තිබූ නඩු දෙකක් කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේය.
වග උත්තරකරුවන්ට ඊයේ දින අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතිසි නිකුත් කර තිබූ අතර ඊයේ දිනයේ දී සමාගමේ අධ්‍යක්ෂවරයෙකු හා නීතිඥවරුන් අධිකරණයේ පෙනී සිටියේය.
පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ දිනේෂ් පෙරේරා මහතා අධිකරණයේ කරුණු දක්වමින් කියා සිටියේ වගඋත්තරකරුවන්ට අධිකරණය මගින් නිකුත් කළ නොතීසිය නිසි පරිදි ලැබුණු බවට (අලවා භාරදී ඇති බවට) පිස්කල්වරයා කරුණු වාර්තා කර ඇති බවය.
වගඋත්තරකාර සමාගම වෙනුවෙන් නීතිඥ සම්පත් ජයවර්ධන මහතා පෙනී සිටි අතර සමාගමේ අධ්‍යක්ෂකවරයකු අධිකරණයේ පෙනී සිටින බව දන්වා සිටියේය.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා වගඋත්තරකරුවන් වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට සමාගමේ අධ්‍යක්ෂවරයාට නියෝග කළේය.
කිරුළුපන පෙදෙසා කොළඹ 05 ලිපිනයේ( Rent A company service pvt ltd )රෙන්ට් අ සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරමින් 2016 ,2017 හා 2018 වසර සඳහා රුපියල් 31 846 248.24 ක වැට් බද්දක් ගෙවීම පැහැර හැරීම සහ එම වසර තුන සඳහා රුපියල් 1 851 688.37ක ආදායම් බදු ගෙවීම පැහැර හැරීමට එරෙහිව මෙම නඩු දෙක පවරා තිබිණි.
දේශීය ආදම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිඥ දිනේෂ් පෙරේරා මහතා පෙනී සිටි අතර වග උත්තරකාර සමාගම වෙනුවෙන් නීතිඥ සම්පත් ජයවර්ධන මහතා සමග නීතිඥ රුක්ෂාන් මහතා පෙනී සිටියේය.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටි 3ක් බදු නොගෙවූ ජනක උසාවි කැදවයි
kamal Koyrala Monday, 04 November 2024 05:26 PM
මොන පැහැර හැරීමක් කළත් රටේ ජනාධිපති කෙනෙක් වෙන්න අවස්ථාව තියෙනවනේ!
Nandana Monday, 04 November 2024 05:31 PM
මේ තව ෂෝ කාරයෙක්...!
අරවින්ද මොනරවිල Monday, 04 November 2024 05:48 PM
සුපිරිම ගේම් කාරයෙක් තමයි මෙයත්, දැන් බදු ගෙවලා නිදහස් වෙන්න මහත්තයෝ...!
Gunendra Monday, 04 November 2024 05:53 PM
පට්ට බොරු කාරයෙක්නේ.
m. saman perera Monday, 04 November 2024 05:54 PM
මෙයත් ජනාධිපති අපේක්ෂකයෙකුට ඉල්ලුවා නේද? ලැජ්ජයි...
අප්පුහාමි Monday, 04 November 2024 06:08 PM
වෙනවට කියනවා නොවෙයි යම් විදියකින් ජනාධිපති වුණා නම් රටට මොකක් වෙන්න පුළුවන්ද? අපේ දිස්ත්‍රික්කයේ නම් උන්දැගේ පක්ෂය සඳහා අපේ එකෙක් වත් දකින්නට නැහැ...
Palitha karunarathna Monday, 04 November 2024 07:20 PM
මොනවද මේ?
de silva Monday, 04 November 2024 09:46 PM
විකාර රූපී ඇදුමක් ඇදගෙන , දිනන්න බැරි බව දැනගෙනත් ජනාධිපතිවරනෙට ඉල්ලන්නෙත්, ලොකු ෂෝ දමන්නේ මේවා වහගන්නද කොහේද?
Kumar Monday, 04 November 2024 11:18 PM
ලංකාවේ නොවේ ඇමෙරිකාවේ එම වසරේ බදු නොගෙව්වොත් සියලුම බැංකු ගිණුම්, ණය මුදල් ගෙවන තුරු රජය අත්පත් කරගන්නවා. වසර දෙක තුනක් බලාගෙන ඉන්නේ නැහැ.
වික්‍රම විදුර Tuesday, 05 November 2024 09:39 AM
මේ ඉන්න මිනිහාගෙ වැඩ ගැන යූ ටියුබ් වැඩසහටනක් තිබ්බා මීමැස්සෝ කියන එකේ . මේ මිනිහාගෙ හිටපු ලේකම් කතා කරලා මේ මිනිහා ගෙ වැඩ ඔක්කොම කියනවා. ඒක අයින් කරලා දැන්. මුන් හිරේ ඉන්න ඕන ජීවිත කාලෙම... රටේ නීතිය කවදාවත් හැදෙන්නේ නැති වෙයි කියලයි මුන් රැඟුවේ රට වෙනස් උනාම දැන් පාර්ලිමේන්තු යන්න දගලනවා ඒ වරප්‍රසාද අරගෙන තවත් ඒ වගේම කරන්න .. හිරේ හිරේ හිරේ..
චමින්ද Wednesday, 06 November 2024 07:57 AM
අහිංසක මිනිහෙක් කොස් ගෙඩියක් කැඩුවත් හිරේ මොවුන් ඡන්දෙත් ඉල්ලනවා. අහිංසක මිනිහෙක් උසාවි නොගියොත් පොලිසිය අල්ලන් කනට ගහලා එයාලාට පෙනී සිටින්න කියලා....