IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කෝටි 3 ක රන් රේගුවේ හිරවෙයි

(යොහාන් භාසුර)
තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියෙක් නීති විරෝධීව රැගෙන ආ රුපියල් කෝටි 3 කට ආසන්න වටිනාකමින් යුත් රත්තරන් බිස්කට් 14 ක් රේගු භාරයට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්‍ෂ සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
එම රත්තරන් බිස්කට්වල බර කිලෝග්‍රෑම් 1.314 ක් බව කී රේගු අධ්‍යක්‍ෂ සීවලී මහතා අදාල මගියා රත්තරන් තොගය ගුවන්තොටුපලෙන් පිට කිරීමට කළ උත්සාහය රේගු නිලධාරීන් වැලැක්වූ බව ද සඳහන් කළේය.  
රේගුව හරහා පිටවන සියලුම මගීන්ගේ ගමන්මලු ලෝහ අනාවරක මගින් පරීක්ෂා කිරීම අඛණ්ඩව කිරීම නිසා අදාල මගියාට රේගුවට හසුනොවී පිටවීමේ ඉඩක් නොතිබීමෙන් රත්තරන් තොගය පිළිබඳව රේගුවට ප්‍රකාශ කළ බවත් ඉන් පසුව රත්තරන් තොගය සහ මගියා භාරයටගත් බවත් රේගුව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
 



අදහස් (0)

කෝටි 3 ක රන් රේගුවේ හිරවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site