
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න, බිමල් ශ්‍යාමන් සහ ගයාන් සූරියආරච්චි)
සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටාගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන ගෝලයා වන ආමි චුටි නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවනු ලබන පුද්ගලයෙකු රුපියල් කෝටි විසි දෙකකට ආසන්න වටිනාකමින් යුත් හෙරොයින් හා අයිස් මත් ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි .
ඊට අමතරව ලොරි රථයක් හා යතුරුපැදියක් පොලිස් භාරයට ගෙන තිබේ.මෙසේ අත් අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ පදිංචි (41) ඇවිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි.
ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් විශේෂ කාර්ය බලකායට දැන්වීමෙන් අනතුරුව එහි විශේෂ මෙහෙයුම් අංශ iii හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.ඒ.ඩී.ඒ. රණසිංහ මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් බොරලැස්ගමුව, 10 කණුව හංදිය ඉදිරිපිට මාර්ග සංඥා කුළුණ අසලදී වැටලීමක් සිදුකර තිබුනි.
එහිදි හෙරොයින් කිලෝ 06, ග්‍රෑම් 910 හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01, ග්‍රෑම් 17 , ජංගම දුරකථනයක් සමග පුද්ගලයෙකු පොලිස් භාරයට ගැනීමට හැකි වූ අතර පසුව මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවීම සඳහා භාවිතා කළ ලොරි රථයක් හා යතුරුපැදියක් පොලිස් භාරයට ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටි 22ක මත්ද්‍රව්‍ය සමඟ අයෙක් අත්අඩංගුවට