(බිමල් ශ්‍යාමන් ජයසිංහ, තුසිත කුමාර ද සිල්වා සහ සුමිත් පොතුපිටිය)

රුපියල් කෝටි 21 ක් පමණ වටිනා   හෙරොයින් මත්කුඩු  සමග ධීවරයන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගිය කින්ග් ෆිසර් බහුදින ධීවර යාත්‍රාව සහ එහි මසුන් මැරීම සදහා ගොස් සිටී ධීවරයින් මෙලෙස වෙරළ ආරක්ෂක බළකා නිලධාරීන් බාරයට ගෙන ඇති බව සදහන් වේ.

නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව බේරුවල  ධීවර වරාය නීතිගත සංස්ථාවේ යාන්ත්‍රික වැඩපලේ ජැටිය වෙත රැගෙන විත් තිබුණි .

අද පස්වරුව වන විටත් බේරුවල වෙරළ ආරක්ෂක බළකා නිලධාරීන් භාරයට ගෙන ඇති ධීවර යාත්‍රාව විශේෂ ආරක්ෂාවක් යොදා පරීක්ෂා කරමින් සිටී අතර, එහි තිබ් හෙරොයින් මත්කුඩු කිලෝ 20 කට  ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇති බවද සදහන් වේ.

එම බහුදින යාත්‍රාවේ සීටී ස්කීපර් ඇතුළු ධීවරයන් පස් දෙනකුගෙන් ප්‍රශ්න කරමින් සිටි 

මෙම මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් තවත් වැඩිදුර විමර්ශන සිදුකරන බැවින් වැඩිදුර මාධ්‍යට තොරතුරු ලබදිය නොහැකි බවත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදීමට නියමිතය.