IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කෝටි 18ක සහල් වසර 6ක් තිස්සේ රේගුවේ

(ජේ.කේ.එල්. චාමින්ද)

මිනිස් පාරිභෝජනයට  නුසුදුසු මට්ටමේ පවතින  රුපියල් දහඅටකෝටි හැටලක්ෂ,පනස්අටදහස්,නවසිය විසිදෙකක් වටිනා සහල් සහිත බාහලුම් 53ක් දැනට  වසර  හයක පමණ කාලයක සිය රේගුවේ  රදවාගෙන ඇති බැව් ජාතික විගණන කාර්යාලය  මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

 පාරිභෝගික සේවා අධිකාරිය මගින් පළකරන ලද ගැසැට් පත්‍රයක් හේතුවෙන්  මෙම  සහල් සත්ත්ව ආහාර  වශයෙන් යොදා ගැනිමට ද නොහැකි තත්ත්වයක්  උද්ගත වි තිබුණි.

රේගු ආඥා පනතේ  විධිවිධානයන්ට අනුගතවිය යුතු බවට විගණනය මගින් නිර් දේශ කොට ඇත.

 මේ පිළිබද  ශ්‍රිලංකා රේගුවේ   ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සදහන් කොට ඇත්තේ  සහල් සහිත බාහලුම් 53ක්  2019 වර්ෂයේ සිට නිදහස් කිරිමට නොහැකිවි ඇත්තේ   එම බහාලුම් සමග  ආනයනය කරණු ලැබු වෙනත් සහල් අඩංගු  බාහලුම් සම්බන්දයෙන්  අභියාචනාධිකරණයේ  නඩුවක් පැවතිම නිසා බවය.

 



අදහස් (3)

කෝටි 18ක සහල් වසර 6ක් තිස්සේ රේගුවේ

Kamal Friday, 25 October 2024 11:12 AM

ඒ වගේ දේවල් වල කටයුතු ඉක්මන් කරන්න වැඩපිළිවෙළක් නැද්ද? අනේ පැංචෝ...

:       0       11

BabanisFriday, 25 October 2024 02:21 PM

ඉතින් නිලධාරි කරන මේ වැරැදි වලට දේශපාලුවන් වැරැදියි කියන්න පුළුවන්ද? හාල් අවුරුදු හයක් තියාගන්න බැහැ කියලා ඔවුන්ට නොසිතෙන්නේ උන්දැලා පුන්නක්කු නැත්නම් තණකොළ කන නිසා වෙන්න ඇති සාමාන්‍යයෙන් සහල් නොවෙයි වී වත් එතරම් කලක් තියාගන්න බැහැ. ඒවා අධිකරණයට ඉදිරිපත් කළ අය ඒවා හදිසියේ විභාග කරන්න අවශ්‍ය බව පෙන්වන්නේ නැහැ... ඒක තමයි වරද...!

:       1       13

himal Friday, 25 October 2024 03:39 PM

ඉතින් උසාවියේ නඩුවක් තියෙද්දී ඔය ටික නිදහස් කරලා හිරේ යන්න වෙයි කියලා විගණක දන්නේ නැද්ද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 13 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site