
(ගයාන් සූරියආරච්චි)
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙකු සහිත බහු දින යාත්‍රාව අද (15) නාවික හමුදාව විසින් ගාලු වරායට රැගෙන ආවේය.
ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 18 ත් 34 ත් අතර වන මිරිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත.
ශ්‍රී ලංකාවට බටහිර දෙසින් ගැඹුරු මුහුදේ ශ්‍රී ලංකා නාවික නෞකා සුරනිමිල නෞකාව යොදවා සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙම බහුදින යාත්‍රාව සහ සැකකරුවන් පෙරේදා (14 ) නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබුණි.
එම බහුදින යාත්‍රාව සහ සැකකරුවන් ගාල්ල වරායට රැගෙන ඒමෙන් අනතුරුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා එම මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණය කිරීම සඳහා අද (15) ගාල්ල වරායට පැමිණියේය.
එහිදී සැකකරුවන් විසින් ඉතා සූක්ෂම ලෙස උර හයක් අසුරා බහු දින යාත්‍රාවේ සඟවා තිබූ මත්ද්‍රව්‍ය තොගේ නාවික හමුදාව විසින් සොයාගනුු ලැබීය.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය ගැඹුරු මුහුදේදී තවත් යාත්‍රාවක් මගින් මෙම සැකකරුවන්ට ලබා දෙන්නට ඇතැයි නාවික හමුදාව සැක පල කරයි.
අත්අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් හය දෙනා සහ බහුදින ධීවර යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ටික උරලා ජීවිත කීයක්, පව්ල් කී දාහක්ම යහමගට වැටෙන්න තිබුණද, ඕක බලාගෙන දැනට නැතිවෙච්චි පවුල් කොච්චර ඇතිද...? ඔය බෝට්ටුවේ හිටපු අයට ප්‍රසිද්ධ ස්ථානයක මරණීය දඬුවම දුන්නා නම් ආයි ලොවෙත් ගේන්නේ නෑ... එකෙක්වත් කුඩු ලංකාවට... නැත්නම් වෙන්නේ කුඩු ජාවාරම හුරතල් කෙරිල්ලක් විතරයි.
ඕවා පිටි වෙන්න කොපමණ කල් යනවාද? රස පරීක්ෂක වාර්තාවත් අදාල ඉබි ගමන නැතිව සතියක් ඇතුළත වත් දීලා ඊළඟ සතියේ දඬුවම් දීලා මත්ද්‍රව්‍ය විනාශ කරනවා නම් මතට තිත හරි යයි....
පොලිසියට ඉදිරි කටයුතු සඳහා දුන්නා නේද ...? මේ අහිංසකයෝ පාං පිටි ගෙනැල්ලා වෙයිද?