
(පද්මා කුමාර කංකානම්ගේ)
ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන ආ රුපියල් කෝටි 15 කට ආසන්න වටිනා මත් පෙති 5,70,000 කල්පිටිය විජය නාවික හමුදා නිළධාරීන් කල්පිටිය ඉරණතිව් දූපතට ආසන්නයෙ අත් අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාය පවසයි.
අදාල මත්පෙති තොගය ඩිංගි යාත්‍රාවකින් කල්පිටිය ඉරණතිව් දූපත ආසන්නයට රැගෙන එමින් තිබියදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් අතර තුර දී අත් අඩංගුවට ගත් බව කියයි.
ජලය කාන්දු නොවන ලෙස ආරක්ෂීතව පෙට්ටි 10 ක් තුළ අසුරා තිබු බව වැටලීම සිදුකල නාවික හමුදාව පවසයි.
නොරොච්චෝල ප්‍රදේශයෙ පදිංචි සැකකරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගෙන තිබුනී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත් අඩංගුවට ගන්නා මත්ද්‍රවය එම ඉස්තනයේදීම විනාශ කිරීමේ වැඩසටහනක් ක්‍රයාත්මක විය යුතුවේ