(ඉන්දිකා රාමනායක)
යාපනය කොළඹ බස් රථයකින් රුපියල් කෝටි 12 ට අධික වටිනා රන්බඩු තොගයක් ප්‍රවාහන කරමින් සිටි සැකකරුවකු ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාස මගින් ආමර්වීදිය ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි (38) හිවිරිදි සැකකරුවකු බවත්, ඔහු සන්තකයේ රන් භණ්ඩ කිලෝ 6 ට අධික ප්‍රමාණයක් තිබී ඇත.
ඩුබායි රාජයේ සිට මෙරටට ගෙන්වන මෙම රන් කැබලි හා රන් බඩු යාපනයේ සිට බෝට්ටු මගින් නීති විරෝධීව ඉන්දියාවට යැවීම සදහා සූදානමින් සිටි බවට හෙළි වු බව පොලිසිය පවසයි.
සැකකරුවන් මෙම රන් ජායවාරම කාලයක සිට සිදුකරන බවත්, මේ සම්බන්ධයෙන් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට ලැබුණු තොරතුරු අනුව පරීක්ෂණ පවත්වා මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd