(ඩී.ජී.සුගතපාල)
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල නායකයකු වන කංජිපානි ඉම්රාන්ට ආහාර බඳුනක සඟවා ජංගම දුරකතන දෙකක් සහ චාජර ලබාදීමට තැත්කළ පුද්ගලයන් හයදෙනෙකු අද (12)දහවල් බන්ධනාගාර නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පිරිස අතර කංජිපානි ඉම්රාන්ගේ පියා, සොහොයුරකු සහ මිතුරන් සිව්දෙනෙකු වන බව පොලිසිය පවසයි.
අද(12) සිරකරු දිනය නිමිත්තෙන් ඕනෑම අයෙකුට රැඳවියන් බැලීමට අවස්ථාව ලබාදී තිබූ අතර ඒ ඔවුන් ආහාර බඳුනක්ද රැගෙන පැමිණ ඇත. එය ලබාදීමට පෙර බන්ධනාගාර නිලධාරීන් විසින් එය පරීක්ෂා කිරීමේදි එම ප්ලාස්ටික් බඳුන පතුලේ සුක්ෂම ලෙස සඟවා තිබූ ජංගම දුරකතන දෙකක් සහ චාජර සොයාගෙන ඇත.
අධිකරණමය කටයුතු සඳහා සැකකරුවන් රත්ගම පොලිසියට බාරදී ඇත.
(ඡායාරූප- ගාමිණි මහඳුර)
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමන
නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අ
ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතය.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
කංජිපානිට දුරකතන ලබා දීමට ගිය පියා-සොයුරා ඇතුළු 6ක් අත්අඩංගුවට
rim Thursday, 12 September 2019 10:55 AM
ඔය විදියටම අනික් පාතාල සිරකරුවන් බලන්න එන අයවත් පරීක්ෂා කරන්න. හොඳ හොඳ දේවල් හම්බවෙයි. මොවුන්ට එච්චර තේරෙන්නේ නැද්ද?
lalithm Thursday, 12 September 2019 11:06 AM
මුළු ලංකාවේම ඇස් මේ වගේ ගොන් වැඩකට යොමුකරලා පෙන්නන එක මොන මෝඩ කමක්ද? කලකට ඉහත නාමල් කුමාරයෙක් පස්සේ දුවලා මිනිස්සුන්ගේ අවධානය වෙන පැතිවලට යොමුවුණා. දැන් මේ හිඟන කන්ජිපානියෙක් පස්සේ අපේ ඔලුව හරවනවා. මීට වඩා හොඳ වැදගත් දේවල් අපිට නැතිද?
SLThursday, 12 September 2019 11:54 AM
කන්ජිපානි කියන පාතාලයගේ හිරගෙදර හැසිරීම වැදගත් නොවෙන්නේ කොහොමද? ඔය ෆෝන්වලින් කරන්නේ එළියේ ඊසි කෑෂ් ක්‍රමයට කුඩු විකුණන එක හරි පාතාල වැඩ කරන එක... මුන්ව ගිහින් දාන්න ඕනේ වෙනම දූපතකට.100% දුරකථන පහසුකම් නැති පළාතකට..
lalithmSaturday, 14 September 2019 09:30 AM
හිරේ හැසිරීම හොයන්න තමයි හිරගෙදර එව්වන් ඉන්නේ. මේ කරන්නේ කමකට නැති කුණු ගොඩවල් අපේ ඔලුවලට දමලා අපිට වැදගත් දේවල් යට ගහන එක.
Raveendra Thursday, 12 September 2019 11:23 AM
අැයි මේ පරයින්ගේ මුහුණු වසා තිබෙන්නේ පළමු ඡායාරූපයේ.. හිවලුන්ට, නරින්ට බැලුවද කරන්න පුළුවන් මාධ්‍යත් එයට උදව් කරන බවක් නම් අපට හැඟෙන බව කිව යුතුයි. මොවුන්ගේ මූසල මුහුණු මහජනතාව දැකගැනීම වැදගත් නොවන්නේද?
ප්‍රියදර්ශන -කටාර් Thursday, 12 September 2019 11:25 AM
ඔච්චර ලොකු බකට් එකක එක හිරකරයෙකට බත් ගේනවද? පන්සලකට දානේ ගෙනියන බකට් එකක් වගේ ලොකුයි..
Uditha - London Thursday, 12 September 2019 12:25 PM
අනේද කියන්නේ... කන්ජිපානිට කෑම ගෙනල්ලද? සාංඝික දානෙකට කෑම ගෙනැල්ලද? සතියකට විතර රත් කරකර තියාගෙන කන්න වෙන්න ඇති ගෙනැල්ලා ඇත්තේ මගේ හිතේ..
පිටිගල මිලානෝ Thursday, 12 September 2019 11:25 AM
මෙතන වෙලා ඇත්තේ යම් අතපසු වීමකින් ඔවුන්ව පරීක්ෂා කිරීමට පොරොන්දු වී හිටපු නිලධාරියා වෙනුවට වෙනත් කෙනෙක් ඉඳලා. නැත්නම් ඔහොම බය නැතුව දුරකථන දෙකක්ම ගෙනෙයිද? කොමියුනිකේෂන් අප්සට් වෙලා වැඩ වරදිනවා කියන්නේ මේවට...
Nuwan Thursday, 12 September 2019 11:42 AM
යකෝ, මාසෙටම කෑම ගෙනියනවද එකපාර..? මාර බඩක්නේ කන්ජිපාන් මල්ලිට තියෙන්නේ. 225ත් පරාදයි
Lebbe Thursday, 12 September 2019 12:02 PM
මෝඩ හරක්... ඕක ජේලර් කෙනෙකුට ගාණක් එක්ක දුන්නා නම් නිකන්ම ඇතුළේ.
Hafeel Thursday, 12 September 2019 12:13 PM
කන්ජිපානිට ගැලපෙන කෙනෙක්. ලැජ්ජාවත් තියනවා... මුහුණත් වහගෙන...
dileepa Thursday, 12 September 2019 01:55 PM
මොවුන්වත් දාන්න ඕනේ අවුරුදු ගාණකට ඇතුළට..
dileepa Anuruddha Thursday, 12 September 2019 01:59 PM
කට්ටියම ඇතුළට දාන්නා ඕනේ අවුරුදු ගාණකට...
ෂංඉඳියා Thursday, 12 September 2019 06:17 PM
සංහිඳියාව අබිලික් වෙයිද?
cdd Thursday, 12 September 2019 06:47 PM
මොවුන්ට කන්නත් එක්ක අපිට සල්ලි හොයන්න වෙලා තියෙන්නේ... හැමදාම ගෙදරින් ගේන්න දෙන්න. එතකොට ගෙදර අයටත් එපා වේවි...
ranji Thursday, 12 September 2019 11:18 PM
ඇයි ඇතුළින් සපෝර්ට් කරන අය කන්නේ නැද්ද?
sisira Friday, 13 September 2019 12:58 AM
මේ වගේ පරයන්ව ගිහින් දාන්න ඕනෑ අර අල්කට්‍රාස් හෝ ගොන්ටන්මෝ කියන මොකෙකුටවත් බලන්න යන්න බැරි ගියොත් ගියාම කියන තත්වයට ගිහින් වද විඳින දූපතකටයි.
Indhika Friday, 13 September 2019 03:25 AM
අපරාදේ. ෆෝන් ඇතුළට අරන් යන්න දීලා, කෝල් කරන ඒවා මොනිටර් කරන්න තිබ්බේ. තව කට්ටිය අල්ලගන්න තිබ්බා.
de silva Friday, 13 September 2019 07:53 AM
හිරකාරයන්ට තහනම් ද්‍රව්‍ය ගෙනිහින් අහුවෙන මිනිසුන්න්ට අවුරුදු 5 සිට ඉහළට හිරදඬුවම් නියම කළා නම් මේ ප්‍රශ්නේ ටිකක් හරි විසඳගන්න පුළුවන්...