IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කොග්ගල මුහුද ජීවිත තුනක් බිලි ගන්න හදලා:දෙකක් බේරෙති

 

(ඩී.ජී.සුගතපාල, ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා,රම්‍යා බිංදුහේවා සහ සුමතිපාල දීයගහගේ)

කොග්ගල පාලම අසල මුහුදේ නාමින් සිටියදි අද සවස රල පහරට හසුව ගසාගෙන ගිය පුද්ගලයන් තිදෙනකුගෙන් දෙදෙනකු බේරාගෙන රෝහල් ගත කළ බවත් එක් අයකු අතරුදහන්ව ඇති බවත් හබරාදුව පොලිසිය පවසයි.

අතුරුදහන්ව ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි කහවල හර්ෂ හේමාල් නමැති 35 හැවිරිදි පුද්ගලයකු බවද පොලිසිය පවසයි.

ඇඹිලිපිටියේ සිට 35දෙනකුගෙන් යුත් කණ්ඩායමක් බස් රථයකින් සංචාරයක් සඳහා පැමිණ සවස හයට පමණ කොග්ගල පාලම අසල මුහුදේ නාමින් සිටියදි මෙසේ රල පහරට ගසාගෙන ගොස් ඇත. පසුව පොලිසිය සහ ප්‍රදේශවාසින් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා බොහෝ වේලාවකට පසු දෙදෙනකු බේරාගෙන ගොඩට ගෙනැවිත් 1990 ගිලන් රථයකින් කරාපිටිය රෝහලට ගෙන ගොස් ඇත.

අතුරුදහන්වු පුද්ගලයා සොයා මේ වනවිට කිමිදුම් කණ්ඩායම් සහ ප්‍රදේශවාසින් එක්ව සෝදිසි මෙහෙයුමක් ක්‍රියාතත්මකකර ඇත.

(ඡායාරූප රම්‍යා බින්දුහේවා)

 



අදහස් (0)

කොග්ගල මුහුද ජීවිත තුනක් බිලි ගන්න හදලා:දෙකක් බේරෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site