(ටී.කේ.ජී.කපිල)
රුපියල් එක් කෝටි අසූ හත් ලක්ෂ පනස් දහසක් වටිනා කොකේන් තොගයක් නීතිවිරෝධී ලෙස ලංකාවට ගෙන ආ ඉන්දීය ජාතිය කාන්තාවක් අද (11) කටුනායක ගුවන් තොටුපළට පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.
අත්අඩංගුවට ගත් ඉන්දීය කාන්තාව 37 හැවිරිදි ඉන්දීය ජාතික කාන්තාවකි.
මෙසේ රැගෙන පැමිණ ඇති කොකේන් මත්ද්‍රව්‍ය තොගය පොලිතීන් බෑග් කීපයක අසුරා ඒවා ඇය විසින් ගෙනැවිත් තිබූ ගමන් මලු කීහිපයක පතුල් වල අලවා ගෙන තිබියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබුණි.
එහි කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 250 ක් බර කොකේන් ප්‍රමාණයක් තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd