
(ටී.කේ.ජී.කපිල )
කොකේන් මත්ද්‍රව්‍ය ගුලි වශයෙන් සකස් කර , ඒවා ගිල දමා පැමිණි විදේශීකයෙකු කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු 31 හැවිරිදි වඩු කාර්මික වෘත්තීයේ නියැලෙන උගන්ඩා ජාතිකයෙකි.
ඔහු පිළිබඳ ජාත්‍යන්තර බුද්ධි තොරතුරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත ලැබී තිබූ අතර , ඒ අනුව මොහු අත් අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබුණි .
කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් මොහු අත් අඩංගුවට ගෙන ස්කෑන් පරීක්ෂා වකට ලක් කිරීමේ දී , මොහුගේ ආමාශය තුළ මෙම කොකේන් මත්ද්‍රව්‍ය ගුලි ඇති බවට කරුණු සනාථ වීම නිසා , මෙම උගන්ඩා ජාතිකයා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි .
මෙම උගන්ඩා ජාතිකයා මේ වනවිට රුපියල් කෝටියක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 450 ක් පමණ බරැති ගුලි 45 ක් පමණ සිය මළ සමග පිටතට පහ කර ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රකාශකවරයෙකු පැවසීය .
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොකේන් ගිල පැමිණි උගන්ඩා ජාතිකයා ගුවන්තොටේදී මාට්ටු