
(අංජුල මහික වීරරත්න)
මේ වනවිට රෝහල් වල හිඟ වී පවතින ඖෂධ කඩිනමින් සැපයීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
හදිසි අනතුරකට ලක්ව රෝහල් ගත වී ප්‍රතිකාර ලබන ප්‍රවීන රංගනවේදී ජැක්සන් ඇන්තනි මහතාගේ සුවදුක් විමසීමට කොළඹ ජාතික රෝහලට පැමිණි ජනාධිපතිවරයා අනතුරුව ජාතික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ වික්‍රමසිංහ මහතා හමුවී රෝහලේ පවතින අඩුපාඩු පිළිබඳව විමසා බැලුවේය.
හිඟ ඖෂධ යළි කඩිනමින් ලබා ගැනීම තමාගේ ප්‍රමුඛ අරමුණක් වන අතර ඒ සඳහා දැනටමත් ක්‍රියා කර තිබෙන බව කී ජනාධිපතිවරයා දිවයින පුරා රෝහල් වල බෙහෙත් හිඟයෙන් පීඩාවට පත්ව සිටින රෝගීන්ගේ ජීවිත සම්බන්ධයෙන් තමාට විශාල වගකීමක් ඇති බවද ඉතා ඉක්මනින් ඖෂධ හිඟයට විසඳුම් ලබාදී ජනතාවට නිදහස් සෞඛ්‍ය රිසිසේ භුක්ති විඳීමට අවස්ථාව සලසන බව ද සඳහන් කළේය.
ජැක්සන් ඇන්තනි මහතාගේ සුවදුක් විමසා රෝහලෙන් පිටතට පැමිණි ජනාධිපතිවරයා ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණ සිටි රෝගීන්ගෙන්ද සුවදුක් විමසා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ජනතාව ජනාධිපති මන්දිරයට කඩාවැටුණු වෙලාවේ කෝටි ගාණක ඖෂධ හොයාගන්න ලැබුණලු. ඒත් රටේ ජනතාවට අත්‍යාවශ්‍ය ඖෂධ ප්‍රමාණයවත් රෝහල්වල නෑ නේද? පොහොට්ටුවෝ ගෝ හෝම්...!
කයිවාරු වචන මාලාව අහල අහලම වමනෙට එනවා. ඇත්තටම නටපු නැටුමකුත් නැහැ බෙරේ පලු දෙකත් නැහැ. මේවට තවත් අපි රැවටෙයි කියලා හිතාගෙන ඉන්නවද?
එතකොට අසාධ්‍ය රෝගීහු බොහෝ දෙනෙක් අවසන් ගමන් ගිහින් හමාරයි.