IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඖෂධ සැපයුම්කරුවන්ගෙන් සංස්ථාවට මිලියන ගණනක පාඩුවක්

(ජේ.කේ.එල්. චාමින්ද)

 වෛද්‍ය සැපයුම් අංශයට  තත්ත්වයෙන් අසමත් හා හානි වු ඖෂධ සපයා තිබිම වෙනුවෙන්  දරණු ලැබු පිරිවැය මෙන්ම ඒ සදහා පරිපාලන ගාස්තු, තොග විනාශ කිරිමේ වියදම් සමඟ  රුපියල් මිලියන 2,996.65ක මුදලක්  ඖෂධ සැපයුම්කරුවන්ගෙන්  රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අයවිමට ඇති බැව්  ජාතික විගණන කාර්යාලය පවසයි.

  මෙම වර්ෂයේ මාර්තු මස 31 දින වනවිටත්  මෙකි මුදල ඖෂධ සැපයුම්කරුවන්ගෙන් අයකරගැනිමට නොහැකිවි තිබුණි.

අසාදු ලේඛනගත  ඖෂධ සැපයුම්කරුවන්ගෙන්  අයකරගැනිමට  ඇති මුදල රුපියල් මිලියන 1,651.98කි. 2025 වර්ෂයේ මාර්තු මස 31 දින වනවිටත්  අවසාන සිහිකැදවිමේ ලිපියොමුකොට ඇති  සැපයුම්කරුවන්ගේ අයකරගත යුතු  මුදල රුපියල් මිලියන 279.45කි.

එම මුදල් අයකරගැනිම  අවිනිශ්චිත තත්ත්වයක පවතින බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

 අයකරනොගෙන ඇති මුදල්  ඖෂධ සැපයුම්කරුවන්ගෙන් අයකරගැනිම සදහා  කඩිනම් හා කාර්යක්ෂම  ක්‍රියාමාර්ග අනුගමනය කළයුතු බැව්  විගණනය මගින් නිර්දේශකොට ඇත.

 

 

 

 



අදහස් (1)

ඖෂධ සැපයුම්කරුවන්ගෙන් සංස්ථාවට මිලියන ගණනක පාඩුවක්

ගුණරත්න Friday, 26 September 2025 11:26 AM

මේ වසරේ මාර්තු කියන්නේ කවුද ආණ්ඩුවේ හිටියේ?

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 790 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site