වෛද්‍යවරයෙකු විසින් නිර්දේශිත ඖෂධ වට්ටෝරු සඳහා පමණක් ඖෂධ නිකුත් කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සියලුම ඖෂධහල් හිමියන්ගෙන් ඉල්ලා සිටී.
ඖෂධ වට්ටෝරු නොමැතිව ඖෂධ නිකුත් කරන ඖෂධ හල් හිමියන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද රජය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
ඖෂධ ලබා ගැනීම සඳහා පැමිණෙන පාරිභෝගිකයන් පවසන රෝග ලක්ෂණවලට ඖෂධ නිකුත් කිරීම සපුරා තහනම් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුරකථනයෙන් දෙන කෙටි පපණිවුඩ වට්ටෝරු වලට අදාළ නැහැ නේද?
ඒක නිත්‍යානුකූලව වැරදි වෙන්න ඇති. ඒත් මේ වෙලාවේ අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ගෙන් ඔහොම එළව එළවා පළිගන්න එපා. මොකද වෛද්‍යවරු හමුවෙන්න අමාරුයි මේ දවස් වල. මාත් දුරකතනයෙන් වෛද්‍යවරයාගෙන් බෙහෙත් අහගෙන ඒක තමයි ෆාමසි එකෙන් ඉල්ල ගත්තේ. එහෙම නැතිනම් ෆාමසි එකෙන් අහගෙන බෙහෙත් ගත්තේ. ඇයි මේ වගේ මිනිස්සුන්ගෙන් මේ වෙලේ මෙහෙම පළිගන්න වගේ කටයුතු කරන්නේ රජයේ හැමෝම? මේ යන විදියට ඇඳිරි නිතිය ඉවරවෙනකොට රටෙන් බාගයක් හිරේ දාන්න වෙයි.
මාගේ වයස 12 ක් වන දරුවාට පසුගියදා අසනීප උනා. මා වෛද්‍යවරුන්ගේ දුරකථන අංක වලට කතා කරා. ඒ අය දුරකතනයට කතා කළේ නැහැ. කාර්යබහුල ඇති. ඉන්පසු අසල ඇති වෛද්‍යවරයෙක්ගේ නිවස අසලට ගොසින් විනාඩි 10 ක් පමණ කතා කළා. ඔහු එළියට ආවේ නැහැ. ඇතැම් විට නිවසේ නොසිටින්නට ඇති. ඉන්පසු මා අසල ඇති පොලිස් මාර්ග බාධකයට ගොස් දරුවාට අසනීප බව පවසා හිතවතෙකුගේ ඖෂධ අලෙවිසැලකින් බෙහෙත් අරන් දරුවාට දුන්නේ. ඒ වෙලේ එයා මට ලොකු උදව්වක් කරේ. ඔහු කරදේ වැරදි ඇති. ඒත් අපි හොදටම අසරණ වෙලා ඉන්න මේ වෙලේ වෙන මොකක්ද කරන්නේ? ඉහළ නිලධාරීන් හිතු මතේ විවිධ නීති දානවා. ආයේ වෙනස් කරනවා. ආයේ දානවා. මිනිස්සුන්ට සියදිවි නසාගන්න වෙන්නේ මෙහෙම ගියොත්.
එහෙමනම් රජයේ රෝහල් වල බාහිර රෝගී අංශය දිනකට පැය 12 ක් පමණ විවෘත කර තබන්න. එවිට දොස්තර හම්බවෙලා තුණ්ඩුව ලියාගෙන බෙහෙත් ටික ගන්න පුළුවන්. මිනිස්සුන්ට කල්පයක් නොමැතිව තහංචි දමන්න එපා. අර සරත් මහත්මයා කිව්වා වගේ මේ අවස්ථාවේ මිනිස්සුන්ගෙන් පළිගන්න එපා. එහෙම කළොත් ලබන චන්දෙදි මිනිස්සු පාලකයන්ට හොඳ පාඩමක් උගන්වාවි. මිනිස්සු මැරෙන්නේ කොරෝනා නිසා පමණක් නොව ඊට වැඩිය දස ගුණයකින් වෙනත් රෝගවලිනුත් මිනිස්සු මැරෙනවා.
ඇදුමට හදිසියට ඉන්හේලරයක්වත් ගන්න බෑ මේ විදිහට. මිනිස්සු මරන්න ලෑස්තිය.
පුතානෝ සොයා ගත්ත බෙහෙත මොන ෆාමසියෙන්ද ගන්න පුලුවන් ?
සමහර ඖෂධ ජීවිතාන්තය දක්වා ගන්න එකම ඖෂධ වර්ග. ඇදිරි නීතිය අස්සේ බේත් ලියාගන්න ක්‍රමයක් නැහැ. මෙහෙම නීති දැම්මොත් බෙහෙත් නැතිව මැරෙන්නයි වෙන්නේ.නීතියට වඩා ප්‍රායෝගික දේ ගැනත් සානුකම්පිකව සිතා බැලුවොත් හොදයි.
මෙන්න විහිළුමඟ සංවිධානයේ තවත් උත්කෘෂ්ඨ තීරණයක්. මේක වෙනස් නොකර ඒ වෙනුවට එලවළු ලොරිවල ඉඩ ටිකක් අරගෙන වෛද්‍යවරු ගෙදරම එවයි. 2/3 ට එකම සුදුස්සා විහිළුමඟ පමණයි.
අනිල් ජාසිංහ මහත්මයත් වියත්මග සාමාජිකයෙක්ද ? වියත්මග විහිලුවකට ගෙන ඇති බව පොහොට්ටුවේ මහා මතිවරනෙට ඉදිරිපත් කරපු ලිස්ට් එක දැක්කම පෙනෙනවා මුලින් කිවේ ලිස්ට් එකේ උගත් , බුද්ධිමත් අවංක වියත්මග සාමාජිකයන්ට මහා මැතිවරනේදී විශේෂ ස්ථානයක් දෙනවා කියල.. නමුත් එහෙම වෙලා නැහැ , පරණ පුරුදු ඔළුගෙඩි ටික මේද පාරත් චන්දෙට එන්නේ