
(සුජිත් හේවාජුලිගේ )
අත්‍යවශ්‍ය ඖෂධ 273 ක් විදේශයන්හි දානපතියන් මාර්ගයෙන් කඩිනමින් සපයා ගැනීමට මැදිහත් වන්නැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය විදේශීය තානාපති කාර්යාලවලින් විශේෂ ඉල්ලීමක් කර ඇත.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාගේ මාර්ගයෙන් මෙම ඉල්ලීම කර ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ලංකාදීපයට පැවැසීය.
ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ ලබා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝක බැංකුව මෙන්ම ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයද ඉදිරිපත්ව සිටින බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා ලෝක බැංකුව ඖෂධ මිලදී ගැනීම සඳහා ණයවර ලිපි විවෘත කර ගැනීමට උදව් කරන බවද ප්‍රකාශ කළේය.
ඉන්දියානු ණය වැඩපිළිවෙළ යටතේ ඖෂධ ලැබීම අවසන් අදියරේ පවතින බවද චන්න ජයසුමන මහතා කීවේය.
ජනතාවට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව සැපයීම සඳහා උපරිම ශක්තියෙන් කටයුතු කරගෙන යන බවත් ඒ සඳහා අදාළ අංශ සමග අඛණ්ඩව සාකච්ඡා පවත්වන බවත් හෙතෙම සඳහන් කළේය.
මේ අතර විදේශයන්හි සිටින වෛද්‍යවරුන් ඇතුළු විවිධ වෘත්තිකයන් සහ දානපතීන් රැසක් ශ්‍රී ලංකාවට ඖෂධ සපයා දීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිටින බව සඳහන් කළ මහාචාර්යවරයා ඒ සියලු දෙනාට ස්තූතිය පුද කරන බවද ප්‍රකාශ කළේය.
විදේශයක සිටින දානපතියකු දරුවන්ට අවශ්‍ය කෙරෙන රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනා උපකරණ සපයා දීමට ඉදිරිපත්ව සිටින බව ඔහු වැඩිදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබේ ඇමැතිකමින් ඇති ඵලය කුමක්ද?
ගමේ මට්ටමින් පොහොට්ටු කාර්‍යාල තියෙනවා නේද ගොයියො ඒවායේ ඉන්න එවුන්ට කතා කරල බලපන්කො නැත්නම් උඹලගෙ කියත්මගේ එවුන්ට කියලා බලපංකො. ඔහොම කරල රටට ලැජ්ජා කරන්න එපාබං