IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ඖෂධ-කුළුබඩු -රූපලාවන්‍ය භාණ්ඩ සමඟ 4ක් අල්ලයි

(රොමේෂ් මධූෂංක)

කිලිනොච්චිය, ඩෙවිල්ස් තුඩුව වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීතී විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය සඳහා සූදානම් කර තිබූ කුළුබඩු, රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ තොගයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු ඊයේ (12) අත්අඩංගුවටගත් බව නාවික හමුදාව කියයි.

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනය මඟින් කිලිනොච්චිය, ලොග්ගන්නාවාඩිය, ඩෙවිල්ස් තුඩුව වෙරළ ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, වෙරළ ප්‍රදේශයේ තිබූ සැකකටයුතු කැබ් රථ දෙකක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කෙරිණි.

එහිදි එම කැබ් රථ දෙකෙහි අසුරා තිබූ නීතී විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ එනසාල් කිලෝග්‍රෑම් 300ක්, කහ කුඩු කිලෝග්‍රෑම් 260ක්, වියළි ඉඟුරු කිලෝග්‍රෑම් 273ක් ඇතුළු කුළුබඩු තොගයක් සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය හා ඖෂධ තොගයක් සමඟ එම කැබ් රථ දෙකද සැකකරුවන් සිව් දෙනෙකු මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 39 සහ 49 අතර වයසේ පසුවන එරක්කන්ඩි, ක‍ල්මුනෛකුඩි, ත්‍රිකුණාමලය සහ පුත්තලම යන ප්‍රදේශයන්හි පදිංචි කරුවන් බවට හදුනාගෙන ඇත.

 

 



අදහස් (0)

ඖෂධ-කුළුබඩු -රූපලාවන්‍ය භාණ්ඩ සමඟ 4ක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 178 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 56 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 746 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site