(යොහාන් භාසුර)
ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගෘහස්ථ සහ අඩු නිපුණතාවයෙන් යුතු රැකියා සඳහා යොමුවන කාන්තාවන්ගේ පමණක් ස්වයං ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
එම රටවල්වල වසර කිහිපයක් සේවය කර නැවත එම රටවල් සඳහා විදේශගතවීමට ‘නැවත විදේශගත වීමේ රැකියා වීසා පත’ රැගෙන මෙරටට පැමිණි කාන්තාවන් විදේශගත වීමේදී ලියාපදිංචිය ලබාගැනීම සඳහා මෙම තහනම අදාල නොවන බව ද එම කාර්යංශය සඳහන් කරයි.
පෞද්ගලික මාර්ගයන්ගෙන් ගෙන්වා ගනු ලබන සේවා ගිවිසුමක් හෝ රැකියා වීසා බලපත්‍රයක් මගින් විදේශ රැකියා සඳහා යොමුවන ශ්‍රී ලාංකිකයින් කාර්යාංශ ලියාපදිංචි කළ බවත් එහෙත් මෙම ක්‍රමවේදය අනිසි ලෙස භාවිතා කර ඕමානය හා එක්සත් අරාබි රාජ්‍යයන් වෙත ගෘහ සේවය සහ අඩු නිපුණතාවයෙන් යුතු රැකියා සඳහා කාන්තා ශ්‍රමිකයින් විදේශගත කරන බවට කාර්යාංශය වෙත පැමිණිලි ලැබී ඇති බවත් එම කාර්යංශය වැඩි දුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd