(යොහාන් භාසුර)
ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගෘහස්ථ සහ අඩු නිපුණතාවයෙන් යුතු රැකියා සඳහා යොමුවන කාන්තාවන්ගේ පමණක් ස්වයං ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
එම රටවල්වල වසර කිහිපයක් සේවය කර නැවත එම රටවල් සඳහා විදේශගතවීමට ‘නැවත විදේශගත වීමේ රැකියා වීසා පත’ රැගෙන මෙරටට පැමිණි කාන්තාවන් විදේශගත වීමේදී ලියාපදිංචිය ලබාගැනීම සඳහා මෙම තහනම අදාල නොවන බව ද එම කාර්යංශය සඳහන් කරයි.
පෞද්ගලික මාර්ගයන්ගෙන් ගෙන්වා ගනු ලබන සේවා ගිවිසුමක් හෝ රැකියා වීසා බලපත්‍රයක් මගින් විදේශ රැකියා සඳහා යොමුවන ශ්‍රී ලාංකිකයින් කාර්යාංශ ලියාපදිංචි කළ බවත් එහෙත් මෙම ක්‍රමවේදය අනිසි ලෙස භාවිතා කර ඕමානය හා එක්සත් අරාබි රාජ්‍යයන් වෙත ගෘහ සේවය සහ අඩු නිපුණතාවයෙන් යුතු රැකියා සඳහා කාන්තා ශ්‍රමිකයින් විදේශගත කරන බවට කාර්යාංශය වෙත පැමිණිලි ලැබී ඇති බවත් එම කාර්යංශය වැඩි දුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
116
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඕමානය - එක්සත් අරාබි යන්න ස්වයං ලියාපදිංචිය අත්හිටුවයි