(නිමන්ති රණසිංහ)
ඕමාන් රටේ ගෘහ සේවිකා රැකියා සදහා යැයි පවසමින් ශ්‍රී ලාංකික කාන්තාවන් එරටට ගෙන ගොස් ගණිකා වෘත්තියේ යෙදවූයේ යැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් තැරැව්කරුවන් දෙදෙනකු ලබන 01 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (22) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කාන්තාවන් දෙදෙනකුට විදෙස් ගත වීම සඳහා සංචාරක වීසා ලබාදුන් තැරැව්කරුවන් වන අජිත් කුමාර සමරකෝන් සහ යෝගේන්ද්‍ර නොහොත් ‘යෝගා’ නැමැත්තන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd