(සුජිත් හේවාජුලිගේ)
ඕනෑම කොවිඩ් මර්දන එන්නතක් ලබාගෙන මෙරට සිට ඕනෑම රටකට ගමන් කළ හැකි බව විදේශ කටයුතු ලේකම්වරයා දැනුම් දී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
කෙසේ වෙතත් සමහර රටවල් නම් කරන එන්නත් ලබාගෙන ගියොත් ලැබෙන සහනය නම් නිරෝධායනය නොවී ඒ රටවලට කෙළින්ම ඇතුළුවීමට අවස්ථාව ලැබීම යැයිද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක තමා දැන් වෙන්නේ... යන්න පුලුවන් අය ඔක්කොම යනවා. මේ වගේ ජීවිත තුට්ටුවකට මායිම් නොකරන පාලනයක්. ඒ තරම් මිනිස්සු කලකිරීමෙන් ඉන්නේ...
ඒ වුණාට කැනඩාව චීන එන්නත බාරගන්නේ නැහැ නේද? දින 14 නිරෝධායනය වෙන්න වෙනවා...
අපිට සර්ගෙන් ලියුමක් ඉල්ලගන්න පුළුවන්ද? ඕනෑම රටකට ඕනෑම එන්නතක් බාරගන්නවා කියලා..
යුරෝපය.., චීන, රුසියා එන්නත පිළිගන්නේ නෑ. මේ රටවල් 02ට බටහිර පුදුමාකාර ඉරිසියාවක්නේ තියෙන්නේ...
ඔය කිව්වේ ටොන් පචයක් තමන්ගේ වාසියට. යුරෝපීය රටවලට චීන එන්නත බැහැ. මිනිස්සු රවට්ටන්න ලෑස්ති වෙන්න එපා.
නොදන්න දේ ගිහිල්ලා පච වෙන්න එපා සර්... චීන එන්නත යුරෝපයේ පිළිගන්නේ නෑ.
මෙයා කියන්නේ උඩරට, පහතරට ගැන වෙන්න ඇති.
මේ දාලා තියෙන ප්‍රතිචාර වලින් පේන්නෙ බහුතරයක් හරියට පණිවිඩය තේරුම් අරන් නැති බවයි.
WHO සම්මත එන්නත මිසක් අනික් එන්නත් විද ගෙන එන අයව ආපසු එන්න ඔබ ගමන් බලපත් අරන් දෙනවද ඔබේ ඔය කියමන පිළිගන්නේ සහ ඔබව පිළිගන්නේ ලෝකයේ රටවල් අතර චීනය පමණක් බව ඔබ දන්න්වද ?
ලොක්කාට කලින් පොඩ්ඩා මුට්ටියක් දාලා බැලුවා. කොහොමද ජනයාගේ ප්‍රතිචාරය කියලා..
ඇස්ට්‍රාසෙනෙකා එකත් යුරෝපයේ නිෂ්පාදන නෙවෙයි නම් සමහර රටවල් පිළිගත්තේ නැහැ. ඉතාලිය සහ පෝලන්තය එහෙම කිව්වා. දැන් මොකද දන්නේ නැහැ... චීන සහ රුසියානු එන්නත් පිළිගන්න බව නම් දන්නේ නැහැ.
සමාවන්න... මට පසුවයි තේරුණේ... මේ කියන්නේ ඒ ඒ රටවලට අදාළ ඕනෑම එන්නතක් තියෙනවා. දෙන්න පුළුවන් කියන එක...
විදේශ කටයුතු ලේකම් ලෝකෙ රටවල් කීයක් තියෙනවද කියලා දන්නේ නෑ වගේ. එයා හිතන් ඉන්නේ රටවල් දහයක් පහළොවක් තියෙනවා කියලා වගේ. සැප්තැම්බර් පළමුවැනිදායින් පස්සේ, ඕමාන් වලට එන්න පුළුවන් Pfizer, Moderna, AstraZenica හෝ Sputnik V මාත්‍රා දෙකම ගනිපු අයට විතරයි. Synopharm ඕමාන් වල අනුමත නැහැ.
මමනම් හිතන්නේ නැහැ.