අල්කයිඩා සංවිධානයේ නායකයා වනු ඇතැයි පැවැසුණු හම්සා බින් ලාඩ්න් ගුවන් ප්‍රහාරයකින් මියගොස් ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද බුද්ධි අංශ නිලධාරීන් උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කරයි.
ඔහු මියගිය දිනය හෝ ස්ථානය පිළිබඳ කිසිවක් පැහැදිලි නොමැති අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක දෙපාර්තමේන්තුව වන පෙන්ටගනය ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකළේය.
හම්සා බින් ලාඩ්න් අල්කයිඩා සංවිධානයේ නිර්මාතෘ වන ඔසාමා බින් ලාඞ්න්ගේ පුතෙකි. ඔහු 30 හැවිරිදි වියේ පසුවන බව වාර්තා වන අතර ඇමෙරිකාවට සහ අනෙකුත් රටවලට ප්‍රහාර එල්ල කරන බවට හඬ හා විඩියෝ පට නිකුත් කරමින් අවස්ථා කිහිපයකදී අනතුරු ඇඟවීය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන වන ‘එන්.බී.සී. නිව්ස්’, ‘නිව්යෝක් ටයිම්ස්’ සහ සී.එන්.එන්. යනාදිය ඇමෙරිකා එක්සත් ජනපදයේ බුද්ධි අංශ නිලධාරීන් උපුටා දක්වමින් හම්සා බින් ලාඞ්න් මියගිය පුවත වාර්තා කර තිබිණි. කෙසේ නමුත් අල්කයිඩා සංවිධානය මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් සඳහන් කර නැත.
පසුගිය දෙවසරක කාලයේදී ඇමෙරිකානු රජයේ මැදිහත්වීමෙන් කරන ලද යුද මෙහෙයුම්වලදී බින් ලාඞ්න් මරුමුවට පත්ව ඇති බවත් එහෙත් ඔහු මියගිය දිනය හෝ ස්ථානය පිළිබඳ නිශ්චිත තොරතුරක් වාර්තා වී නැති බවත් එම මාධ්‍ය වාර්තාවල දැක්විණි.
මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සහ ධවල මන්දිර ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් මහතා යන දෙදෙනාගෙන්ම විමසා සිටි අතර ඔවුහු දෙදෙනාම ඊට ප්‍රතිචාර දැක්වීම ප්‍රතික්ෂේප කළහ.
ඇමෙරිකානු හමුදා 2011 වසරේදී පාකිස්තානයේ දී තමා පියා ඝාතනය කළ බවත් එහි පළිය ගත යුතු බවත් හම්සා බින් ලාඩ්න් අවස්ථා කිහිපයකදීම පවසා තිබිණි.
ඒ.එෆ්.පී. සහ රොයිටර් ඇසුරිනි
055


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ වුණානම් ගුවන් නියමුවා හිරේ...
මම 1993දී ඔබේ පියා සමග වචන කීපයක් කතාකර තිබෙනවා.
හා !! විස්තර අනවශ්‍යයි, ඇමරිකාවනේ කියන්නේ ඔක්කොමලා පිළිගන්න.
දිට්ඨධම්ම වේදනීය ඵල දීලා. මුන් මිනී මරන්නේ කවුරු වෙනුවෙන්ද? මුන්ට හෙන ගහල මදි.
කවුරුවත් මැරුණම සතුටුවෙන්න නරකයි.. නමුත්..
ISIS කාරයින් මෙන් නොව ඔබලා නැගී සිටියේ ඇමරිකන් අධිරාජ්‍යවාදයට විරුද්ධව බව ඔබලාගේ "බිල්ලාඩන් ග්රූප්" සමාගමට සේවය කළ මම දනිමි...