
(ගයාන් සූරියආරච්චි)
අති නවීන බීච් කින්ග් 350 වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානයක් හෙට (12) දින ඔස්ට්‍රේලියාවෙන් මෙරට ගුවන් හමුදාවට ලැබීමට නියමිතය.
ඔස්ට්‍රේලියා රජයේ ප්‍රදානයක් ලෙස එම ගුවන් යානය මෙරටට ලැබෙනු ඇත.
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ අදහසකට අනුව ක්‍රියාත්මක කෙරෙන විශේෂ වැඩපිළිවෙළ යටතේ මෙම ගුවන් යානය ගුවන් හමුදා සංචිතයට එක්වන අතර මීට පෙර ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ද බීච් ක්‍රාෆ්ට් යානයක් ප්‍රදානයක් වශයෙන් මෙරටට ලැබුණි.
මෙය නිරික්ෂණ ගුවන් යානය ටර්බෝප්‍රොප් වර්ගයේ ද්විත්ව එන්ජින් සහිත යානයකි.
මෙම ගුවන් යානය මගින් ශ්‍රී ලංකා ගුවන් සීමාව හා සුවිශේෂි ආර්ථික කලාපය තුළ සමුද්‍රිය සහ වෙරළ නිරීක්ෂණ මෙහෙයුම්, බුද්ධි නිරික්ෂණ ඔත්තු බැලිමේ මෙහෙයුම්, මානුෂිය ආධාර හා ආපදා සහන මෙහෙයුම්, සෙවීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම්, සමුද්‍රිය දූෂණය නිරීක්ෂණය සහ පාලනය කිරීමේ කටයුතු පූළුල් කරගැනීමට ඉවහල්වනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවමත් හොර රහසේ මුහුදෙන් ඕස්ට්‍රේලියාව බලා අපේ රටේ මිනිස්සු යනවද ඒ කියන්නේ?
වසර දෙදහස් පන්සීයකටත් වැඩි ඉතිහාසයක් ගැන පාරම්බාන අපේ රටට වසර තුන්සීයක් වැනි කෙටි කාලයක නුතන ඉතිහාසයක් ඇති රටකින් හිඟාකන්න උනානේ එහෙනං. අනේද කියන්නේ.
හරිනම් අද වෙද්දී ලෝකයේ පුරාවිද්‍යා කටයුතු ගැන ලෝකයට කියලා දෙන්න පුළුවන් රට ලංකාව වෙන්න ඕනෑ.. අන්තිමට නිධානය ගොඩගන්න වුණේ පිටරටවල් හදපු සුකෑනර්ස් සහ STF එකේ සහයෙන්...
ඒ රට අසීමිත සම්පත් තියෙන ජනගහනය අඩු මහාද්වීපයක්. අපේ හුණ්ඩුවක් විතර රටේ ඉන්නවා ඕස්ට්‍රේලියාවේ තරම්ම ජනගහණයක්...
බෝට්ටුවෙන් එන අය පාලනය කර ගන්න ඕනෑ කම තමයි ප්‍රධාන කාරණය