( එච්. චන්දන )
මඩකළපුව - ඔලුවිල් නාවික හමුදා කදවුරේ නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 5 දෙනකු ඉරණවිල නව කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයට අද (12) දා සවස 6.00 පමණ රැගෙන ආ බව එම ප්‍රතිකාර ඒකකය සදහන් කරයි.
ඉකුත්දා ජා ඇල ප්‍රදේශයෙන් හමුවූ රෝගියා සමග ඇසුරු කල පුද්ගලයින් 28 දෙනකු ඔලිවිල් නාවික හමුදා කදවුරේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයේ යෙදී සිටියදී , මෙලෙස හදිසියේම පුද්ගලයින් 05 දෙනකු කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා මෙලෙස ප්‍රතිකාර කිරීම පිණිස නාවික හමුදා ආරක්ෂාව යටතේ මෙම රෝගීන් ඉරණවිලට රැගෙන එන ලදී.
පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටා ඇති එකමකොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානය හලාවත - ඉරණවිල ඇමෙරිකන් හඩ භුමියේ දී ඉකුත්දා රජය විසින් අලුතින් විවෘත කරන ලදී.
මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානයට රැගෙන ආ ප්‍රථම රෝගීන් කණ්ඩායම මෙය වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම නිරෝධායන ක්‍රියාවලියේ නිවැරදිතාවය ගැන නැවත සිතා බැලුවොත් නරකද ?