(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ඔමික්‍රෝන් සැර කොරෝනා වයිරස ප්‍රභේදය මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා රජයක් විදිහට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (29) පැවැසීය.
රටවල් හයක් සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගෙන ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
මේ පිළිබඳ රජය ක්‍රියාමාර්ග ගත්තේ මීට දින තුනකට පෙර සිට යැයිද සෞඛ්‍ය අමාත්‍යාංශයද මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර ඇතැයිද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ බූස්ටර් එන්නත ලබා දුන්නේ මේ සැර කොරෝනා ප්‍රභේදය ලෝකය දැනගැනීමටත් ප්‍රථම බව පැවසූ රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා සහ රජය ඒ සම්බන්ධයෙන් විශේෂ උනන්දුවකින් කටයුතු කරන බවද පැවසුවේය.
සියලුම ගුවන්තොටුපොළවල්වල සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් පැමිණෙන සියලුම ගුවන් මගීන්ගේ සෞඛ්‍යමය තත්වය මේ යටතේ නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කෙරෙන බවත් ක්‍රීඩා ඇමැතිවරයා පැවැසීය.
මේ සම්බන්ධයෙන් අදාළ අංශ විශේෂ ඇප් එකක් පවා හඳුන්වාදී ඇති බවද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කයිවාරුව නම් තියෙනවා. කොරෝනා එන්න කලිනුත් ඔහොම තමයි පුරසාරම් බෑවේ...
නිකං කෑගහලා ලකුණු දාගන්න දඟලන්නට එපා නාමල් ඇමතිතුමා.. රජය කොහොමද ඔමික්‍රෝම් වැළැක්වීමට සියලු පියවර ගන්නේ... ඒ ගැන තවමත් සියලු විස්තර හොයාගෙන හෝ නැහැ. ඒ බව කියා තිබුණේ වයිරසය සොයාගත් වෛද්‍යවරියයි...
විශ්වය පුරා පැතිරී ගියා......
කවුද මේ......????
ඔව් ඔව්. ආයිත් වචන දෙකක් නැහැ. දැනටමත් සේරම හොඳටම කරලා තියන්නෙත්. අන්න උගන්ඩාවේ ගුවන් තොටුපොලත් චීනට සින්නක්කර වෙලා. එකටත් කියන්න ජනාධිපතිගේ උපදෙස් මත සුදුසු පියවර අරන් තියනවා කියල.
මේ වෙලාවේ ගතහැකි හොඳම විසඳුම ගුවන්තොටුපොළ වැසීම... දැන් එංගලන්තේ, ඕස්ට්‍රේලියාවේ තියෙනවා කියන්නේ ලංකාවට එන්න බොහෝ ඉඩකඩ තියෙනවා...
සාටක බොහෝ මිනිසුන්ට ඇලජික්. ඒ නිසා සාටක දැකීමෙන් රුධිර පීඩනය වැඩිවීම, දියවැඩියාව වැනි රෝග වැළඳිය හැකියි....
2020 ජනවාරිවලත් ඔය විදිහටම කිව්වා.. ගුවන් තොටුපළේ මැෂින් එකක් සවිකළා... කිසිම රෝගියෙකුට එන්න බෑ කියලා..
බාප්පා කරා වගේ ඔමික්‍රෝන් ලංකාවේ පැතිරෙනවද කියලා පිටරට සංචාරකයින් ගේන්න නම් එපා....
ඥාණක්කාගේ පිහිට ආරක්ෂාවෙන් රටට කරදරයක් නොවේවා..!
මෙයා දන්න ඔමික්‍රෝන්...!
ක්‍රීඩා ඇමැතියෙක් වසංගතයක් සම්බන්ධව ඔහුගේ දැනුම බෙදාගත් සුන්දර අවස්ථාවක්...!
එංගලන්තයේ, ඇමෙරිකාවේ මොන ආණ්ඩුද? මෙන්න ආණ්ඩුව.. ලෙඩේට බෙහෙත් දීලත් ඉවරයි. අපිට බය තියෙන්නේ මේ උතුමන්ලාව එංගලන්තයෙන්, ඇමෙරිකාවෙන් ගහගනීද කියලා... අපෝ..! එහෙම වුණොත් අපි මොකද කරන්නේ...?
69 ලක්ෂයක් බයියනි, ඊළඟට රට බේරාගන්න එන්නේ මෙයාද..?
හැම එකටම කටදාන මෙයා නම් තාම බබෙක්ම තමයි.
හරි, දැන් හොඳටම විශ්වාසයි මේක මෙහෙට ඇවිත් කියලා...
වැළැක්වූ හැටි පෙනෙයි තව සති කීපයකින්...
හරි මෙයාගේ කොමිස් එක. ඔමික්‍රෝන් මෙරටට එනඑක වළක්වන්න කීයක් හම්බ වුණාද? මෙයා බිරුවා නම් එතන කොමිස්...
මෙයා මේ රටට ලොකු තුවාලයක්...
ලංකාවට වැඩේ වැරදුණේ බල්ලගේ වැඩේ බූරුවා කරන්න ගිය නිසා සහ දේශපාලනය සියල්ල දන්නවා යැයි සිතාගෙන ඉන්න නිසා.
සියලුම ක්‍රියාමාර්ග ගත්තද?
හොරට ලියලා විභාග පාස් වෙච්ච් කෙනෙක් කියන දේවල් පිළිගන්න පුලුවන්ද?