(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ඔමික්‍රෝන් සැර කොරෝනා වයිරස ප්‍රභේදය මේ රටටත් ඇතුළුවීමට හැකියාවක් ඇති හෙයින් රටට එන සියලු දෙනා පීසීආර් පරීක්ෂණවලට ලක් කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (29) පැවැසීය.
විදේශයන්හි සිට එන එන්නත ලබා ගත් අය පවා එසේ කොවිඩ් පරීක්ෂණවලට ලක් කළ යුතු බව වෛද්‍ය විශේෂඥයන් කරුණු පෙන්වාදී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
විපක්ෂනායකවරයා මෙසේ පැවසූවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.
එන්නත්කරණයට ලක්වූ අයටත් මෙම වයිරස ඇතුළවීමට හැකියාව තිබෙන්නේ යැයි වෛද්‍ය විශේෂඥයන් මත පළ කර ඇති බවත් මේ මොහොතේදී ජාන අනුක්‍රමණ පරීක්ෂණ සහ ආවේක්ෂණ සඳහා වැඩි ප්‍රමුඛත්වයක් දැක්වීම වැදගත් යැයි වෛද්‍ය අංශ කරුණු පෙන්වා දී ඇති බවත් විපක්ෂනායකවරයා පැවසුවේය.
වයස 60ට වැඩි පුද්ගලයන්ට බූස්ටර් එන්නත ලබාදීම ගැන රජයට ස්තූතිවන්ත වන බවද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මේ වෙන්න ජනාධිපති සියල්ල දත් මැතිතුමා කියන ලෙස වැඩ කරන්නකෝ...!
බොරුව තේරුම් අරන්, හරිදේ කරපු, කියපු දවසට සජිත් මේ රටේ ජනාධිපති වෙයි.
සලීම් සහ පුතාණෝ තකට තක... මහාචාර්ය පුතාණෝ කියපු දේවල් කළානම් සලීම් දැන් එලොව...