
'කොවිඩ් 19 ඔමික්‍රෝන්' වයිරස විකෘතිය, 'ඩෙල්ටා' විකෘතිය තරම් බිහිසුණු එකක් නොවේ යැයි දිනෙන් දින තහවුරු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් පවසයි.
'ඔමික්‍රෝන්' විකෘතිය, බිහිසුණු සංකූලතා හෝ රෝගී තත්ත්වයන් පෙන්නුම් නොකළත්, එය 'ඩෙල්ටා' විකෘතියට වඩා වැඩි වේගයකින් ව්‍යාප්ත වන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් අවධාරණය කළේය.
අදවනවිට, ලොව සියයට 90 ක් 'කොවිඩ් 19' රෝගීන් ලෙස වාර්තා වන්නේ 'ඩෙල්ටා' විකෘති ප්‍රභේදය ආසාදනය වූවන් බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සිහිපත් කළේය.
'ඔමික්‍රෝන්' විකෘතිය සම්බන්ධයෙන් තහවුරු වූ තවත් කරුණක් නම්, එය පිටපිට කිහිප වතාවක් ආසාදනය වීමට ඇති හැකියාවය.
ඊට අමතරව, මෙතෙක් නිපදවා ඇති ඕනෑම 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නතකින් 'ඔමික්‍රෝන්' අඩපණ කිරීමට යම්තාක් දුරකට හෝ ප්‍රතිශක්තියක් ලැබෙන බව තම විද්‍යාඥයන් පවසා ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩි දුරටත් පවසා තිබේ.
'ඔමික්‍රෝන්' විකෘතිය මුලින් ම හඳුනාගෙන එය බිහිසුණු වයිරස විකෘතියක් යැයි ලොවට හඳුන්වාදීම කළේ දකුණු අප්‍රිකා වයිරස විශේෂඥයන්ය. මේ වනවිට 'ඔමික්‍රෝන්' සම්බන්ධයෙන් පුළුල් ලෙස දත්ත විශ්ලේෂණය කරමින් සිටින්නේ ද ඔවුන්ය. ඔවුන්ගේ සියලු වාර්තා කඩිනමින් ලෝක සෞඛ්‍ය සංවිධානයට ලැබෙන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ ගැන ලොවට කරුණු පැහැදිලි කරයි.
ලොව ප්‍රධාන පෙළේ වයිරස පර්යේෂණ ආයතන සහ වයිරස පිළිබඳ විශේෂඥයන් සිටින්නේ දකුණු අප්‍රිකාවේය. මොවුන් මීට සති කීපයකට පෙර, 'ඔමික්‍රෝන්' සම්බන්ධයෙන් බිය පළ කරමින් අනතුරු ඇඟවීම් කළේ විකෘතියේ ජාන විශ්ලේෂණය අනුවය. ඒ අනුව, දකුණු අප්‍රිකාව ඇතුළු අප්‍රිකා රටවල් කීපයක් හුදෙකලා කිරීමට රටවල් රැසක් පියවර ගත්තේය.
'ඔමික්‍රෝන්' සම්බන්ධයෙන් බියක් නිර්මාණය වූයේ, මෙතෙක් බිහිවුණු සියලුම 'කොවිඩ් 19' විකෘතිවල ගති ලක්ෂණ සහ නව විකෘති ද ඇතුළු විකෘති 50 ක් මුසුවීමෙන් 'ඔමික්‍රෝන්' නිර්මාණය වී ඇති බැවින් යැයි ජාන විශ්ලේෂණවලදී තහවුරු වූ නිසාය.
කෙසේ නමුත් මේ වනවිට 'ඔමික්‍රෝන්' විකෘතියේ සැබෑ ස්වරූපය සම්බන්ධයෙන් දත්ත ලැබෙමින් පවතී. එය සිතූ තරම් බිහිසුණු විකෘතියක් නොවන බවත් අනවශ්‍ය බියක් හෝ කලබලයක් ඇති කර ගැනීමට අවශ්‍ය නැති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් මාධ්‍ය හමුවේ පෙන්වා දුන්නේ ඒ අනුවය.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
’ඔමික්‍රෝන්’ ’ඩෙල්ටා’ තරම් බිහිසුණු නෑ
Demuni Uduwara Thursday, 09 December 2021 08:50 PM
ප්‍රවීණයන් පවසන්නේ ඔමික්‍රෝන් ඩෙල්ටා හෝ වෙනත් පෙර ප්‍රභේදවලට වඩා දරුණු බවක් නොපෙනේ. සාරාංශයක් ලෙස, කොවිඩ් ප්‍රභේදයේ 'පවුලේ' ඔමික්‍රෝන් බාලයා වන අතර ඩෙල්ටා වැඩිමලා වේ. ඉතිරි අය ඔමික්‍රෝන් වලට වඩා වැඩිමල්ය.