
(සුජිත් හේවාජුලිගේ )
ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනයවූ කාන්තාව එන්නත් ලබා නොගෙන තිබියදීත් රටට ඇතුළු වූයේ කෙසේදැයි වහාම විමර්ශනයක් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේවිධායක අධ්‍යක්ෂ ප්‍රසාද් කොළඹගේ මහතා පවසන්නේ මේ පිළිබඳව කොවිඩ් මර්දන කමිටුවට පැමිණිලි කරන බවයි.
සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබ ඇති සෞඛ්‍යය මාර්ගෝපදේශ මාලාවට අනුව රටට ඇතුළුවිය හැක්කේ පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටින ගුවන් මගීන්ට පමණක් බවද හෙතෙම සඳහන් කළේය.
එසේ තිබියදීත් අදාළ කාන්තාව නයිජීරියාවේ සිට පැමිණ මෙරටට ඇතුළුවීම ගැටළු සහගත බවද එම සංගමය සඳහන් කරයි.
ඔමික්‍රෝන් සැර කොරෝනා වයිරසය රටට ඇතුළු වීම සහ පැතිරීම පාලනය සඳහා ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගැනීම ඉතා වැදගත් බවද එම සංගමයේනියෝජිතයෝ පවසති.
නව සැර කොරෝනා ප්‍රභේද පාලනය සඳහා ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් රජයට දැනටමත් යෝජනාවලියක් බාර දෙනු ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධීවර වරායකින්වත් ආවද මන්දා
මෙම ආකාරයට ආගමන හා විගමන සිදු වේනම් ගුවන් තොටුපල ආරක්ෂණ කටයුතු කෙසේ සිදුවෙයිද?
කලින් යූහාන් වල ඉඳලා ලේඩි කෙනෙක් මෙහෙට ගෙනල්ල ලොකු උත්සාහයක් තියලා යැව්වා.මේකත් ඒ වගේම ප්ලෑන් එකක් කොරෝනා ප්‍රොජෙට් එක භාරව ඉන්න අයගේ අරමුණ වැක්සින් උපකරණ විකුණා ගන්න . කොරෝනා කියන්නේ තනිකරම බොරුවක් .මේක ජාත්‍යන්තර ගේමක් ,බෙහෙත් ජාවාරමක්
ඉතින් ඔයාලගෙ ශවේන්ද්‍ර සර්ගෙන් අහල බැලුවනම් හරිනෙ.
එක එක මිත්‍යා උන්මාද වලින් පෙළෙන මිනිසුන් ලෝකයටම හිරිහැරයක්
එන්නත් වලින් 100% ආරක්ෂාවක් දෙන්න බෑ කියල හැමෝම දන්නවා. ලගදී මාධ්‍ය වලින් දැක්කා මාස කිහිපයකින් එන්නත් වල තිබෙන හැකියාවත් විශාල ලෙස අඩු වෙලා කියල. ඒවගේම, එන්නත් ගත්ත කියල මේ රෝගයේ වැළදීම බෝවීම දිගටම සිදුවුණා මාස්ක් දාන එකෙන්, සෞක්‍යරක්ෂිත පුරුදු සහ දුරස්ථ භාවයෙන් මීට වඩා හොදින් රෝගය පාලනය වෙනවා අප දැකල තියෙනවා. ඊටත් වඩා අලුත් ප්‍රබේධය එන්නත් වලින් පාලනය කරන්න අමාරුයි කියනවා. ඒත් තාම ටෙස්ට් කරලා ඉවර නැති, අනාගත බලපෑම් නෑ කියල සහතික කරලා නැති එන්නතක් අල්ලාගෙන බොරුවට දගලන එක තමයි තාමත් ඇතැම් බටහිර වෛද්‍යවරු කරන්නේ. ඇතැම් ටී.වී. මාධ්‍යත් මේකට ෆුල් සපෝර්ට්. එන්නත් වලින් ඇතිවෙලා තියෙන අතුරු ආබාධ ගැන කව්රුවත් සොයා බලන්නේත් නෑ නමුත්, මුදලට වඩා රෝගීන් ගැන හිතන අපේ රටේ දෙවිවරු වගේ ඉන්න ඇතැම් බුද්ධිමත් බටහිර වෛද්‍යවරු මේ තත්වය තේරුම් අරන් ඉන්නේ. මොන ප්‍රභේදය ආවත්, අපේ රටේ වසර දහස් ගණනක සිට පැවතගෙන එන සාර්ථක දේශීය ඖෂධ වෙදකමක් තියෙද්දී, දක්ෂ වෙදමහත්තුරු රාශියක් ඉදිරිපත් වෙලා තියෙද්දී, ඇස් පනාපිටම ප්‍රතිපල පෙන්වලා තියෙද්දීත් ඒවා ගැන මීක් සද්දයක් නෑ.
අපේ නිලධාරීන් සල්ලි වලට යටත්