(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඔබ තුමාලගේ සමහර අය මම රෑට රෑට හම්බ වෙනවා" යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සමගි ජන බලවේගයේ මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා අමතමින් පාර්ලිමේන්තුවේදී පැවසීය.
වජිර අබේවර්ධන මහතා අයවැය විවාදය අමතමින් සිටියදී නැගී සිටි රංජිත් මද්දුමබණ්ඩාර මහතා මතු කළ පැනයකට පිළිතුරු සපයමින් අබේවර්ධන මහතා මේ බව කීය.
රංජිත් මද්දුම බණ්ඩාර මහතා:-
ඔබතුමා සිරිකොතට ගිහින් පක්ෂ සභාපති ලෙස අපට සහාය දෙන මන්ත්‍රීවරුන්ට විනය පරීක්ෂණ තියෙනවා.ඔවුන් ඉවත් කරනවා. මේ දෙබිඩි ප්‍රතිපත්තිය මොකක්ද?මෙහේ ඇවිත් සහයෝගය ඉල්ලනවා.අනිත් පැත්තෙන් ගිහින් අපේ අය අයින් කරනවා.
වජිර අබේවර්ධන මහතා:-
අප දරන මතය නම් පරීක්ෂණ වලින් ප්‍රශ්න විසඳන්න බෑ.ඒ නිසා තමයි ඔය එක්දහස් ගානටම අප දිවුරුම් ප්‍රකාශයක් යවා එය අත්සන් කර එවා ප්‍රශ්නය අවසන් කර ගන්නා ලෙස දැනුම් දුන්නේ.ඕනෑම දේශපාලන පක්ෂයක විනය වැදගත්.මගේ මෙන්ම ඔබෙි දේශපාලන පක්ෂයේ විනය වැදගත්.මෙහිදී විනය ක්‍රියා මාර්ගයකින් ම පමණක් දුවන්න බැහැ.ඔබතුමාලගෙ සමහර අය මම රෑට රෑට හම්බ වෙනවා.ඒ හම්බ වෙන අයත් සමඟ මම මේ ගැන කතා කරනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනමතයක් නොමැති වජිර වැනි පුද්ගලයින් එළවා දමන්න ඕනේ...
වාචාල කතාමයි කියන්නේ. ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඡන්ද 5000ක් ගන්න බෑ...
මේ වගේ ජනතාව ප්‍රතික්ෂේප කළ අයගේ නරි නාටක... බලන්න වෙලා තියෙන්නේ...
ඔයා රෑට රෑට එන්නේ මොකටද?
වෙන්නැති, මිනිහ chubby එකා නෙ!!
අම්මප? නායක තුමාගේ අඩිපාරෙම යනව වගේ? ඒත් මේ වයසෙදි ?
රට කාපු පරයා
නෝනගේ අනුදැනුම ඇතුවද මේවා සිද්ද වෙන්නේ?
රෑට රෑට එනනේ දවල්ට ඇවිත් මුහුණ දැක්කම වමනෙ යන නිසාද?