
( එන් ආරච්චි )
සාරියකින් බැද තිබූ ඔංවිල්ලාවක් පදිමින් සිටියදි ඒම සාරියට බෙල්ල සිර වීමෙන් දැරණියගල,මාලිබොඩ ප්‍රදේශයේ දැරියක් මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
අනතුරින් පසු දැරණියගල ප්‍රාදේශිය රෝහල ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ කැරොනිටා දිල්මිණි නැමති අවුරුදු 11 දැරියකි.
මියගිය දැරිය අවුරුදු 9 හා 7 වයසේ පසුවන තම සහෝදරයන් සමග ඊයේ (6 ) සවස නිවසේ නිදන කාමරයේ සාරියකින් බැද තිබූ ඔංචිල්ලාවක් පදමින් සිටියදී මෙම අනතුර සිදුවී තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ දරුවන්ගේ පියා අසල වූ මාලිබොඩ වත්තේ මුර සේවයට සදහා ගොස් සිට ඇති අතර මව කුස්සියේ ඉවුම් පිහුම් කටයුතු වල නිරත වී ඇතැයි අනාවරය වී ඇතැයි පොලීසිය කියයි.
අනතුරින් පසු මව අසල්වාසීන්ගේ සහාය ඇතිව දැරිය දැරණියගල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති අතර එහි දී දැරිය මිය ගොස් ඇතැයි පොලීසය පැවසීය.
දැරියගේ දේහය මේ වනවිට දැරණියගල රෝහලේ තබා ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විමට නියමිතව තිබුනි. දැරණියගල පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම කණාගාටුදායක පුවතක්. රත්තරන් දු පැටියාට නිවන්සුව අත්වේවා
මෙවැනි සිදුවීමක් වුණු දෙවැනි අවස්ථාව මේ. තවත්නම් මෙවැනි අණතුරු අපේ දරුවන්ට නොවන්නට වැඩිහිටියන් අවධානය යොමු කරත්වා !
හරිම අවාසනාවන්ත සමුගැනීමක්... නුඹ ඉපදෙන කිසිම භවයකදී මෙවන් අකල් වියෝවක් නොම වේවා...!!! අජරාමර නිවන් සුවය ලැබේවා...!!!