
(ඩයනා උදයංගනී)
ඔට්ටු සහ සූදු සඳහා වන බදු තවත් ඉහළ නැංවීම සඳහා ඔට්ටු සහ සූදු පනත කඩිනමින් සංශෝධනය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
කැසිනෝ ශාලාවක් සඳහා තිබූ රුපියල් කෝටි 20ක් වූ වාර්ෂික බදු මුදල පසුගිය අගෝස්තු 01 වැනිදා සිට රුපියල් කෝටි 50 දක්වා සියයට 150කින් ඉහළ නංවා ඇති බව ද රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.
ඊට අමතරව කැසිනෝ සඳහා මෙතෙක් නොතිබූ ඉහළ ලියාපදිංචි ගාස්තුවක් අය කිරීම සහ ශ්‍රී ලාංකිකයකු කැසිනෝ ශාලාවක් තුළට ඇතුළුවීමේ දී ඩොලර් 200ක ගාස්තුවක් අය කිරීම නව සංශෝධන මගින් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ද සියඹලාපිටිය මහතා කීවේය.
වෙනත් ඔට්ටු හා සූදු සඳහා වන බදු ද වැඩි කිරීමට තීරණය කර ඇති අතර, ඒ අනුව සජීවී ඔට්ටු මධ්‍යස්ථාන සඳහා රුපියල් ලක්ෂ 6ක් වූ වාර්ෂික බද්ද අවම වශයෙන් රුපියල් ලක්ෂ 10 දක්වා වැඩි කිරීම, පිරිවැටුම මත අය කෙරෙන සියයට 10ක බද්ද අවම වශයෙන් සියයට 15 දක්වා වැඩි කිරීම, ඔට්ටු උප නියෝජිතයන් සඳහා වූ වාර්ෂික බද්ද රුපියල් ලක්‍ෂ 40 සිට අවම වශයෙන් රුපියල් ලක්ෂ 50ක් දක්වා වැඩි කිරීම, සජීවී නොවන ඔට්ටු පොළවල් සඳහා වාර්ෂික බද්ද රුපියල් 50,000 සිට රුපියල් 75,000 දක්වා වැඩි කිරීම ආදී සංශෝධන මේ යටතේ ගෙනඒමට බලාපොරොත්තු වන බව රාජ්‍ය ඇමතිවරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඔට්ටු සහ සූදු බදු තවත් ඉහළට