IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඔක්ස්ෆර්ඩ් ඉතිහාසය වසර 105කට පසු වෙනස් කරයි

(විමුක්ති එස් රුද්‍රිගු)

 

එංගලනතයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය වසර 105කට පසුව ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුවකට එම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යභාවය ලබා දී ඇත.

මෙලෙස ශිෂ්‍යභාවය ලබාගෙන ඇත්තේ පූජ්‍ය වාඩිගල සමිතරතන ස්වාමින් වහන්සේය. ඒ අනුව එංගලනතයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට අයත් ශාන්ත ක්‍රොස් පාසලේ බෞද්ධ අධ්‍යනය පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා සමිතරතන ස්වාමින් වහන්සේට අවස්ථාව ලැබී ඇත.

තංගල්ල වාඩිගල ප්‍රදේශයේ උපත ලැබූ සමිතරතන හිමියන් කුඩා කළ සිටම ඉගැනීමට හපන්කමක් දැක්වූ හිමි නමක් ලෙස සැලකේ. සමිතරතන හිමියන් මධ්‍යම පළාතෙන් උසස් පෙළ විභාගය විශිෂ්ඨ ලෙස සමත් වෙමින් ශාස්ත්‍රවේදී උපාධිය හැදෑරීම සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත්වී ඇත.

එසේම සමිතරතන ස්වාමින් වහන්සේ සිරි සුනන්ද පිරිවෙනේදී සහ මහාවිහාර මහා පිරිවෙනේදී සිංහල, පාලි සහ සංස්කෘත භාෂා ප්‍රගුණ කර ඇති අතර බෞද්ධ ආගමික අවසාන විභාගයේදී ප්‍රථම ස්ථානයද හිමිකර ගෙන ඇත. ‘රාජකීය පණ්ඩිත’ ශාස්ත්‍රීය ගෞරව නාමයෙන්ද සමිතරතන ස්වාමින් වහන්සේ පිදුම් ලබා තිබිණි .

මීට පෙර පූජ්‍ය සූරියගොඩ සුමංගල ස්වාමින් වහන්සේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබා තිබූ අතර ඒ 1919 වසරේදීය. පූජ්‍ය සූරියගොඩ සුමංගල ස්වාමින් වහන්සේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් ශිෂ්‍යත්වයක් ලැබූ පළමු බෞද්ධ භික්ෂුවද වූවේය.



අදහස් (2)

ඔක්ස්ෆර්ඩ් ඉතිහාසය වසර 105කට පසු වෙනස් කරයි

fairoos Thursday, 05 December 2024 03:18 PM

සුබ පැතුම්

:       6       107

උපුල් කුමාරි Friday, 06 December 2024 11:35 AM

ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් උපාධිය ලබාගත් පළමු හිමිනම වන ගරුතර ලබුදූවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේට ගරු කිරීමක් ලෙස ලබුදූව සිරිධම්ම විද්‍යාලය ලෙස පාසල නම් කරන ලදී...!

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site