(සුජිත් හේවාජුලිගේ)
ඔක්සිජන් අවශ්‍ය කරන කොවිඩ් රෝගීන් 936 දෙනෙකු අද වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් 19 සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවැසීය.
මෙයට අමතරව කොවිඩ් ආසාදනයවූ දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘදයාබාධ හා වකුගඩු රෝග වැනි නිදන්ගත රෝගවලින් පෙළෙන හාර දහස් තුන් සිය හතළිස් හත්දෙනකු(4347)රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවද හෙතෙම සඳහන් කළේය.
මරණයට පත්වූ කොවිඩ් රෝගීන් ගෙන් බහුතරයක් විවිධ නිදන්ගත රෝගයන්ගෙන් පෙළුණු අය බව අනාවරණය වී යැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මණින්ම සුවවේවායි බලාපොරොත්තු වෙනවා...!!!