(සුජිත් හේවාජුලිගේ)
කොරෝනා වැළඳුනහොත් ආරක්ෂාවීම සඳහා සමහරුන් ඔක්සිජන් සිලින්ඩර නිවෙස්වල ගබඩා කිරීමට පටන්ගෙන ඇති බවත් ඔක්සිජන් හිඟයට එයද එක් හේතුවක්වී ඇති බවත් සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පවසති.
ජනතාව නිවෙස්වල හිතුමතේ ඔක්සිජන් සිලින්ඩර ගබඩාකර ගැනීම ඉතා වැරදි ක්‍රියාවක් බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පැවැසීය.
වෛද්‍යවරුන්ගේ උපදෙස් නොමැතිව ඔක්සිජන් ලබා ගැනීම ඉතා අවදානම් බවත් ඔක්සිජන් වැඩිපුර ලබාදීමෙන් නියුමෝනියා තත්වය මෙන්ම ඇස් අන්ධවීම පවා සිදුවිය හැකි බවත් ඔහු සඳහන් කළේය.
රෝගියෙකුට ඔක්සිජන් ලබාදිය යුතු නියමිත ප්‍රමාණ තිබෙන බව පැවසූ විජේසූරිය මහතා රෝගියකුට ඔක්සිජන් ලබා දීම සඳහා ඒ සඳහා අවශ්‍ය සුදුසු උපකරණද තිබිය යුතු බවත් පැවසුවේය.
රෝහල්වල ප්‍රමාණවත් ඔක්සිජන් තිබෙන හෙයින් නිවෙස්වල ඔක්සිජන් ගබඩා කර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමෝඩයෝ පිරිච්චි රටක් වෙලා. LP ගෑස් වගෙ මෙකත් ගෙදරට ප්‍රයෝජනයට ගන්න පුළුවන් කියල හිතං ඇති . අනෙක ඉතා විශාල අනතුරු වෙන්න පුළුවන් . AL ගෑස් එක්ක ඔක්සිජන් සිලින්ඩර. හරිම අපූරු යි.
ඔක්සිජන් අනවශ්‍ය පළාත් ද තිබෙනවා එම නිසා හිඟයක් ඇති නොවේවි.
ඔක්සිජන් ගබඩා කලොත් හිඟයක් ඇති වෙන්නේ නැහැ.
රෝහල්වල ප්‍රමාණවත් ඔක්සිජන් තිබෙන හෙයින් නිවෙස්වල ඔක්සිජන් ගබඩා කර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කීවේය. රෝහල්වල ඔක්සිජන් තිබුනට ලෙඩ්ඩුන්ව බේරා ගන්නේ නැත්නම් මොකද කරන්නේ.?