IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


ඔක්කොම එකතුවෙලා තියෙන්නේ දඬුවම්වලට බයේ

(අංජුල මහික වීරරත්න)

බැංකු කැඩු අය, ඕස්ට්‍රේලියාවේ සුද්දන් රවටා වංචා කළ අය, ඉන්ධන වලින් වංචා කළ අය ඔක්කොම දැන් එකතු වී තිබෙන්නේ ඔවුනට එරෙහිව ක්‍රියාත්මක වන පරීක්‍ෂණ සහ දඬුවම් නතර කර ගැනීමට බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යාපනය වැල්වැටිතුරේදී අද (31)පැවසීය.

කවුරු එකතු වුනත් දූෂිතයන්ට දඬුවම් දීම නතර කරන්නේ නැතැයි කී ජනාධිපතිවරයා උඩ සිටින අය එකතු වුනාට යට ජනතාව සිටින්නේ ආණ්ඩුව සමග බව පැවසීය.

ජනතාව ආණ්ඩුව සමග සිටින තුරු එම එකතුවීම් සාර්ථක වන්නේ නැතැයිද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

යාපනයේ ජනතාව අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසූයේ ශ්‍රී ලංකාවේ සියලු ජාති ආගම් සංස්කෘතීන් එකතු කරගෙන සමරන ජාතියේ මහා මංගල්‍යයක් ඔක්තෝම්බර් මාසයේදී සංවිධාන කර තිබෙන බවයි.

එම ජාතියේ මහා මංගල්‍යය පිළිබඳ අයවැය ලේඛනයටද ඇතුළත් කර තිබෙන බව කී ජනාධිපතිවරයා මෙතෙක් ජාතික, ආගමික, සංස්කෘතික උත්සව වෙන වෙනම සැමරුවත් ශ්‍රී ලාංකික ජාතියම එකට සමරන උත්සවයක් නොතිබූ හෙයින් ඔක්තෝම්බර් මාසයේදී සියලු දෙනා එක්ව එම මහා මංගල්‍යය සමරන බව සඳහන් කළේය.

සියලු ජාතීන්ගේ සංස්කෘතිය, ආගම, ජාතිකත්වය , ආහාර රටා ,ජීවන රටා ,සංගීත, නාට්‍ය, කාව්‍ය ආදී සියලු දෑ එම ජාතික උත්සවයේදී සමරනු ලබන බවද ජනාධිපතිවරයා කීය.

කන්කසන්තුරය, පරාන්තන්,සහ මාන්කුලම් කේන්ද්‍ර කර ගනිමින් යාපනයේ අලුත් කර්මාන්ත පුර තුනක් ආරම්භ කරන බවද ජනාධිපතිවරයා මෙහිදී කීය.ඒවායේ ආයෝජනය කරන්නැයි විදෙස් ගත ලාංකිකයන්ට ආරාධනා කරන බවද ජනාධිපතිවරයා පැවසීය.



අදහස් (14)

ඔක්කොම එකතුවෙලා තියෙන්නේ දඬුවම්වලට බයේ

චතුරි Friday, 31 January 2025 11:39 PM

ඔබ හරියට වැඩ කෙරුවොත් දෙවියොත් නමට වඳියි... මේ හොර නඩේ රැවැට්ටුවා... නොගිය පන්සලක් නැහැ. දේවාලයක් නැහැ. ඒත් මදි ඉන්දියාවටත් ගියා. දෙවියෝ වඳින්න ඒ තරම් බයයි.. හොරකම් කරපුවා මතක් වෙනකොට දැන් තමයි දෙවියෝ ඕන වේලාව... දැන් නඩේට ඒවාට යන්න බයයි. ජනතාව ගැවසෙනවා සිකුරිටි නැහැ. ඉල්ලම් කන්න වෙන නිසා ජනාධිපති ගොඩාක් එඩිතරයි... තරුණයි, නාකි නඩේට උපරිම දඩුවම් දෙන්න ජනතාවට දුන්නු ගින්දර වලට ජනාධිපති අර මුදල් හොරා කාපු අයට මෙඩිකල් රිපොට් ඉල්ලන්න නැතිනම් හිරේ දාන්න දුප්පතුන්ගේ මුදල් වන්චාවෙන් ගත්තාට මේ කට්ටිය එකට එකතුවෙලා පෙල පාලි යන්න ලෑස්ති වෙයි... කඳුලු ගෑස් ලෑස්ති කරගෙන ඉන්න මිශ්‍රණය සැරට හදලා සියලුම තරුණයින් ලන්කර ගන්න පාතාලය ළංකර ගන්න එපා. ඒ අයට ලැයිසන් දෙන්න ලන්කාවට කුඩු එවන අයව අල්ලන්න හොරාව අල්ලන්න පුළුවන් හොරාටම තමයි.. හොර නඩේට ඔලුව උස්සන්න දෙන්නම එපා. ජනතාවට සහන දෙන්න වැඩිහිටියන්ට විශේෂ දීමනා දෙන්න තරුණයින්ට මොනම හෝ රැකියාවක් දැනුම හැටියට ලබා දෙන්න බැංකුණය දෙන්න ඉගෙන ගන්න මෙපමන කාලයක් නඩේගෙ මන්ද බුද්ධික පුත්තු බැංකු ණය නෙමේ ගත්තේ.. බැන්කු හොරා කෑවා අසරණ තරුණයින්...!

:       9       4

ජගතු ලියනගෙ Saturday, 01 February 2025 12:34 AM

රටේ ජනතාවගෙන් වැඩි පිරිසක් ඔබ සහ ඔබගේ රජය කරගෙන යන වැඩ කොටස අනුමත කරනවා. ඒ වැඩ ඉදිරියටම කරගෙන යන්න.

:       10       8

Nalin Saturday, 01 February 2025 01:24 AM

ඔව්, ඔව්... මාර දරුණු දඬුවම් ගොඩක් මෙයාලා දීලා තියෙන්නේ. අනේ තවත් පච කියන්න එපා. ඔක්කොම යනවා එනවා. සාදෙ විතරයි.

:       7       12

Nishan Saturday, 01 February 2025 06:49 AM

ඉතින් මොකෝ? එයාලා එකතුවෙනවට ඇයි කලබල වෙලා? ඔක්කෝටම කලින් ඔබතුමාගේ චෝදනා වල ඇත්ත නැත්ත හොයලා බලන්න ඕනේ. කෝ අර ෆයිල් 400?

:       6       15

Laki Saturday, 01 February 2025 07:50 AM

වෙන මනුස්සයෙකුට නම් බොරු කියලා කවදා හරි දවසක බොරු ඉවර වෙනවනේ. ඒකට මෙයා... කවදාවත් ඉවර වෙන්නේ නෑ.

:       9       17

Dewa Saturday, 01 February 2025 10:50 AM

එළ... සහෝදරතුමා එළ...

:       12       10

සෙනෙවිරත්න Saturday, 01 February 2025 02:10 PM

ලකී, බොරුම අහල ඇත්ත කියන අය සත්‍ය හෙලි කරන අය වැරැදි විදියටමයි පේන්නේ. ඒක ජානගත රෝගයක්, කලින් ඔය ලෙඩ්ඩු ගොඩක් හිටියා. දැන් එකා දෙන්නා තමයි ඉන්නේ. තමනුත් ඒ වර්ගයේ...!

:       7       7

බණ්ඩා Saturday, 01 February 2025 02:15 PM

වැරැදි කරලා තියෙනවා නම් ආයේ එකතු වුණා කියලා ඒ වැරැදි නිවැරැදි වෙන්නේ නැහැනේ. ඒ නිසා කයිවාරු දැන්වත් අඩු කරලා බොරු නවත්තලා රටට සේවයක් කරන්න බලන්න. යන යන තැන කෙඳිරි ගානවා මිනිස්සුන්ට...

:       2       12

Lako Saturday, 01 February 2025 03:14 PM

සෙනෙවිරත්න, ඔය ඔයාගේ පාඩුවේ හෝදගෙන ඉන්න. ලොරි ටෝක් දෙන්න එපා. ඔය වගේ වහලෙකුට තමයි බොරුව ජානගත වෙලා තියෙන්නේ. සට්ටම්ඹියා...

:       1       6

Laki Saturday, 01 February 2025 03:52 PM

සෙනෙවිරත්න, ටිකක් කල්පනා කරලා බලන්න.. කියලා කිව්වේ කවුද කියලා... මතක නැහැ නේද? නිකන් උම්බෑ කියන්න එපා.

:       2       2

ගමේ එකාලා Saturday, 01 February 2025 05:21 PM

හිටපු බලලෝබී, බඩගෝස්තරවාදි දූෂිත දේශපාලුවන් රටට කරපු විනාසේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. එකට එකතු වෙන්නේත් එහෙම අය තමයි..

:       3       2

Nandana Saturday, 01 February 2025 07:22 PM

මට පේන්නේ මෙයා කලබල වෙලා

:       0       0

Asanga Sunday, 02 February 2025 10:05 AM

තවත් බයිලා කියව කියව ඉන්නේ නතිව හොරු අල්ලුවනම් නේද හොද. අනේ මන්දා මේ පච බෝරිස්

:       0       1

PRASANNA Sunday, 02 February 2025 10:36 AM

මෙයා දැනට නම් දඬුවම් දීලා තියෙන්නේ ජනතාවට විතරයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මැතිවරණ රාජකාරියට පොලිසියේ 65,000ක්
2025 මැයි මස 05 26 0

පළාත් පාලන ඡන්දය පැවැත්වෙන හෙට (6) දින ඡන්ද මධ්‍යස්ථානවල සහ ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිසියේ හැට පන්දහසක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස


ජී2ජී ක්‍රමයෙන් දේශීය ඖෂධ කර්මාන්තය අනතුරේ
2025 මැයි මස 05 195 0

යෝජිත ජී2ජී ආනයන ක්‍රමය යටතේ රටවල් 7කින් ඖෂධ ආනයනය කිරීමේ තීරණය නිසා දේශීය ඖෂධ කර්මාන්තය බිද වැටීමේ අවධානමක් මතුවී ඇති බව ශ්‍රී ලංකාවේ ඖෂධ කර්මාන්ත සංග


බැංකු හෙට පෙරවරු 11.00ට වසයි
2025 මැයි මස 05 122 0

පළාත් පාලන මැතිවරණය හේතුවෙන් සියලුම බැංකු හෙට (6) පෙරවරු 11.00 දක්වා පමණක් විවෘතව තබන බව ලංකා බැංකු සේවක සංගමය පැවසීය.


මාතර බන්ධනාගාර කලබලයේදී සොරාගත් දුරකතන 49ක් සොයාගනී
2025 මැයි මස 05 288 0

මාතර බන්ධනාගාරය තුළ ඇතිවු නොසන්සුන්තාවය අතරතුරදී එහි ගබඩා කාමරය කඩා රැදවියන් විසින් සොරා ගත් ජංගම දුරකතන 49 ක් අත් විලංගු 05 හා ඒවායෙහි යතුරු 24 ක් එම බන්ධ


ලංගමේට බස් 500ක් අරන් කෝටි 301ක් පිනට දීලා
2025 මැයි මස 05 744 0

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ඉන්දියාවෙන් බස් රථ 500 ක් මිලදී ගැනීමට මුල් ඇස්තමේන්තුගත වටිනාකමට වඩා වැඩි මුදලක් වැය කිරීමෙන් මණ්ඩලයට 2023 වර්ෂයේදී රුපියල්


පුංචි ඡන්දය නිරීක්ෂණයට 4450ක්
2025 මැයි මස 05 66 0

පළාත් පාලන ඡන්ද විමසීමේ කටයුතු නිරීක්ෂණය සඳහා දේශීය නිරීක්ෂකයෝ 4450 දෙනෙක් හෙට (6) යෙදෙවෙති.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 705 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 183 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1219 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site