
(අංජුල මහික වීරරත්න)
සෑම වසරකම දෙසැම්බර් පළමු වැනිදාට යෙදෙන 36 වන ඒඩ්ස් දින ජාතික සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ හා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
“අයිතීන් සුරකිමු - ඒඩ්ස් නවතමු” යන්න තේමා කර ගනිමින් මෙවර සැමරුම් උළෙල සංවිධානය කර තිබිණි.
මෙම සැමරුම් උළෙලට සමගාමීව පාගමනක්, ඒඩ්ස් රෝගය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක්, රෝගය පාලනය සහ ඊට අදාළව කටයුතු කරන පාර්ශවයන් සදහා ‘කොන්ඩම් ඩිස්පෙන්සර්ස්' බෙදා දීම මෙන්ම පාගමනේ ආරම්භය සංකේතවත් කරමින් ගෑස් බැලුන් උඩ යැවීමේ වැඩසටහනක්ද අග්‍රාමාත්‍යවරියගේ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ සහ පැමිණ සිටි ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් සිදුවිය.
ජනතාව ඇනුවත් කිරීමේ අරමුණින් ආරම්භ කල විශේෂ පාගමන ගොල්ෆේස් පිටිය, ගාලු පාර, කොල්ලුපිටිය, ලිබර්ටි වටරවුම, නගරශාලා වටරවුම, රෝහල් චතුරස්‍රය, අක්ෂි රෝහල, පසු කරමින් ද සේරම් පෙදෙස, ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන කාර්යාලය දක්වා ගමන් කරන කළේය.
මෙම පාගමන සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වත්සලා ප්‍රියදර්ශනී, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු පොලිස් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීහු, බන්ධනාගාර නිලධාරීහු, ඇතුලු ඒඩ්ස් රෝගය මර්දනය සම්බන්ධ පාර්ශ්ව රැසක් එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම පාරේ ගියහම නවතියි... ඒඩ්ස්..
මීට පෙර පත්වූ සියලු පාලකයින් කළ විහිළු ඊටත් වඩා සද්දෙට කරන්න මාලිමාවෝ හපං වගේ...
අනේ මන්දා මහත්මියණි, ඔබලාට අමතක වෙලා NPP ආණ්ඩුවක් තිබෙන්නේ එහි අගමැති, ඇමති අපි කියලා. රජයක් විදිහට ඔයිට වඩා ගොඩක් දේවල් කරන්න පුළුවන්..., පාසල් වියේ සිටම හොඳ සෞඛ්‍ය අධ්‍යාපනයක්, ධර්මය පිළිබඳව අවබෝධයක්, ශිෂ්ඨසම්පන්න භාවය පිළිබඳව වටිනාකම සදාචාර සම්පන්න, සිල්වත්, ගුණවත් සදාචාර සම්පන්න සමාජයක් බිහිකිරීම සඳහා ආණ්ඩුව ක්‍රමවත් වැඩපිළිවෙලක් සැකසිය යුතුයි. එවිට ඒඩ්ස් පමණක් නොව සමස්ථ සමාජයම යහපත්වෙනවා. රටම සුරක්ෂිත වෙනවා... සහ නිරාගමික සංකල්ප හෙලාදැක ඒවාට වැට බැඳිය යුතුයි...
කොන්ඩම් සහ අළු කෙසෙල් නොමිලේ බෙදන්න ඕනෑ...