
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඒකල විකාශනාගාරයේ ගොඩනැගිලි හයක් විනාශ වීමට ඉඩ හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
එහි යකඩ සහ ඇස්බැස්ටස්ද සොරාගෙන ගොස් ඇති අතර ඒවායේ පාඩුව රුපියල් එක්කෝටි තිස් හය ලක්ෂයකට වැඩි බව එම වාර්තාවේ දැක්වේ.
කෙසේ වෙතත් ගොඩනැගිලිවලට සිදුව ඇති හානිය තක්සේරු කර නැතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
ඒකල විකාශනාගාරය ස්ථාපිත කර ඇත්තේ අක්කර 15ක විශාල ඉඩමකය.
මේ අතර ඒකල සහ කරගහ තැන්න විකාශනාගාරවල 2023 වර්ෂයේදී රුපියල් කෝටි හතරකට වැඩි වටිනාකමට ස්ථාවර වත්කම් විකුණා තිබුණද වත්කම් විකිණීමට අදාල ගැලපීම් මූල්‍ය ප්‍රකාශනවල අැතුළත් කර නොතිබූ බව වාර්තාව සඳහන් කරයි.
මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවේය.
2025 නොවැම්බර් මස 04
709
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2376
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඒකල විකාශනාගාරයේ ගොඩනැගිලි හයක් මරැ කටට