IMG-LOGO

ඒ.අයි තාක්ෂණයෙන් දැරියන් නිරුවත් කළ සිසුන් දෙකක් රිමාන්ඩ්

(චමිලා අල්විස්)

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන  පාසල් සිසුවියන් සිව් දෙනකුගේ මුහුණුවලට  ඒ අයි තාක්ෂණයෙන්  නිරුවත් ශරීර බද්ධ කර පාසලේ වට්සැප් සමූහයන්වල සංසරණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර පාසල් සිසුන් දෙදෙනකු මෙම මස 13 වෙනි දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙස හොරණ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද නියෝග කළේය.

එම සිසුන් දෙදෙනා බන්ධනාගාරයෙන් පාලනය වන ළමා රැඳවූම් මධ්‍යස්ථානයට යොමු කරන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.

එක් දියණියකගේ පියකු මෙම ඡායාරූප දැක ඒ සම්බන්ධයෙන් පොලිසිය පැමිණිලි කිරීමෙන් පසු සැකකාර සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව අධිකරණයේදි කියැවිණි.

 



අදහස් (1)

ඒ.අයි තාක්ෂණයෙන් දැරියන් නිරුවත් කළ සිසුන් දෙකක් රිමාන්ඩ්

maalaka Tuesday, 10 June 2025 06:30 AM

දෙමව්පියෝ හොඳ අවධානයෙන් සිටිය යුතුයි. ඒ වගේම මේ සිසුන්ට විධිමත් අවබෝධයක් දිය යුතුයි. තමන්ගේ යුතු අයුතුකම් හා වගකීම් වටහා දීම, පොත් අධ්‍යාපනයට ඉහළින් තිබිය යුතුයි. මේ ගැන සැමගේම අවධානය යොමුවේවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 451 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 626 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 255 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site