IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ඒ - 9 මඟේ ලොරි අනතුරකින් තුනක් රෝහලේ

(සිතුම් චතුරංග)

යාපනය,නුවර ඒ නවය මාර්ගයේ මැදවච්චිය, ගල්කන්දේගම විද්‍යාලය ඉදිරිපිට දී අද (21) අලුයම  ලොරි රථයක් තවත් ලොරි රථ තුනක ගැටී ‍ සිදුවු අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි පූනෑව පොලිසිය පවසයි.

කොළඹ සිට වවුනියාව දෙසට ගමන් ගත් ලොරි රථ තුනක් මාර්ගයේ අසල නවතා තිබු අවස්ථාවක  පසුපසින් පැමිණි තවත් ලොරි රථයක් අදාළ ලොරි රථවල ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පූනෑව පොලිසිය පවසයි.

අනතුරින් ලොරි රථ හතරටම හානි සිදුව ඇති අතර, ලොරි රථවල ගමන්ගත් පුද්ගලයින් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බවද පොලිසිය කියයි.

තුවාලකරුවන් වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් පොලිසිය පැවසීය. 

අනතුර සම්බන්ධයෙන් පූනෑව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



අදහස් (0)

ඒ - 9 මඟේ ලොරි අනතුරකින් තුනක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 55 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 890 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2520 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site