
(තිලකරත්න දිසානායක)
දඹුල්ල සහ කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථාවලින් රැගෙන එන එළවළු ඇතැම් ජංගම වෙළඳුන් ඉතා අධික මිලට අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇතැයි ගම්පහ මහා දිසාපත් සුනිල් ජයලත් මහතා කියයි.
කොරෝනා රෝග තත්ත්වය හමුවේ ජනතාව පත්ව සිටින අපහසුතාවය පවා කිසිදු සැලකිල්ලක් නොදක්වා ඇතැම් වෙළෙඳුන් ගසාකෑම් සිදු කරන බව ද වාර්තා වෙයි.
මෙම පැමිණිලි සම්බන්ධයෙන් සොයා බැලීමට පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකයේ නිලධාරීන් වේයන්ගොඩ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු අලෙවි කිරීම පිළිබඳව සොයා බැලූ අවස්ථාවේ මෙම වංචාව පෙනී ගිය බැවින් එම වෙළඳුන්ට දැඩි ලෙස අවවාද කරමින් ගම් මට්ටමින් වෙළඳාම් කරන සංචාරක වෙළඳුන්ට සාධාරණ මිලට ලබා දෙන ලෙසට දැනුම් දුන්නේය.
පාලන මිලට වඩා වැඩි මිලට සහල් ඇතුලු ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳුන් සොයා පරීක්ෂණ වැඩි කිරීමට පියවර ගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් පාරිභෝගික සේවා විමර්ශන ඒකක ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාව හොයන්නද යන්නේ යන්න පාර්ලිමේන්තුවට
එළවළුවල ගණන් දැක්කාම,එළවළු කන කෙනෙක් හොයාගන්න ඊට වඩා ලේසිවෙයි.