(ඉන්දිකා රාමනායක)
අත්‍යාවශ්‍ය ආහාර බෙදන මුවාවෙන් අන්තර්ජාලයෙන් ඇනවුම් ලබාගෙන මත්පැන් විකුණූ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව වත්තල පොලිසිය කියයි.
සැකකරු මේ අයුරින් සාමාන්‍ය අරක්කු බෝතලයක් රුපියල් 5000 කට අලෙවි කර ඇති බවද පොලිසිය පවසයි.
පොලිසියට ලැබුණු තොරතුරකට අනුව පොලීසිය උපාය දුතයකු යොදවා කළ ඇනවුමකට අනුව සැකකරු වත්තල අල්විස්ටවුම් ප්‍රදේශයේ අත්අඩංගුවට ගෙන ඇත.
අත්‍යාවශ්‍ය ආහාර බෙදා හරින මුවාවෙන් අන්තර්ජාලයෙන් ඇණවුම් ලබාගෙන විවිධ ප්‍රදේශ වෙත ගොස් මත්පැන් අලෙවි කර ඇති බවද පොලිසිය සඳහන් කරයි..
වත්තල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි..

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd