
(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය කනකාම්බිකෙයි වැව ප්‍රදේශයේ මාර්ගයක වැටී තිබුණු රුපියල් 95,000 ක මුදලක් එළුවන් බලාගන්නා පුද්ගලයකු අහුලා කිලිනොච්චිය පොලීසියට භාරදී ඇත.
එළුවන් කනකාම්බිකෙයි වැව් තාවුල්ලට රැගෙන ගොස් එළුවන්ට ආහාර ලබා දී නැවත එළුවන් නිවසරට රැගෙන එමින් සිටින අතරතුර මාර්ගයේ වැටී තිබූ සොපින් උරයක් දැක ඇත.
එහිදී සොපින් උරය පරික්ෂා කිරීමේදී එහි තිබූ රුපියල් 95,000 ක මුදල දැක එම අවස්ථාවේදීම අදාල මුදල කනකාම්බිකෙයි ග්‍රාම සංවර්ධන සමිතියට ලබාදී අයිතිකරුවන් සොයා භාර දෙන ලෙසට මුදල් සොයාගත් පුද්ගලයා පවසා ඇත.
කිසිවකුත් ඉදිරිපත් නොවූ නිසා එය මුදල් පොලිසියට බාරදීමට ඔහු කටයුතු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය ඒ සල්ලි ඇමැතිතුමාට බාරදෙයි නේද?
ඔබතුමාගේ ඔය ක්‍රියාවට අපගේ ගෞරවය ප්‍රණාමය පුදකරමු. මිනිස්සු අමනුස්සයින් වෙලා ඉන්න මේ කාලේ ඔයවගේ දේවල් බොහොම සුලබයි.
පින්තූරය දැක්කම හරිම දුකක් ඇතිවුණා... මොකද ඒ මනුස්සයා වයසක කෙනෙක්..., ඔහු ඔහුගේ දුප්පත්කමට වඩා අනුන්ගේ දෙයක් නොගෙන ඔහුගේ ආත්මාභිමානය පෙන්වූවා. ඒත් ඒ කිසිම දෙයක් සතයකට මායිම් නොකර මුදල් බාරගන්නා නිලධාරියා ඔහුගේ මහන්තත්වය පෙන්වමින් එම මුදල් බාර ගන්නවා...
මෙතුමාගේ මේ සද්ක්‍රියාව ලංකාවේ සිටින සියලුම දෙනාට දුන්නු මහඟු ආදර්ශයක්... එයට ඔබතුමාට හිස නමා ගෞරවය පුදකරමි... බුදුසරණයි...!
පොලිසියේ උන්දැලා මනුස්සකම පෙන්වයිද? කට්ටිය බෙදාගනීද?